Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වෘත්තීයවේදීන් පෙන්වා ඡන්ද ගත් ආණ්ඩුව ප්‍රශ්නවලට වෘත්තීයභාවයෙන් විසඳුම් සෙවීමට අසමත් වෙලා – චරිත හේරත්

වෘත්තීයවේදීන් පෙන්වා ඡන්ද ගත් ආණ්ඩුව ප්‍රශ්නවලට වෘත්තීයභාවයෙන් විසඳුම් සෙවීමට අසමත් වෙලා - චරිත හේරත්

වෘත්තීයවේදීන් පෙන්වා ඡන්ද ගත් ආණ්ඩුව ප්‍රශ්නවලට වෘත්තීයභාවයෙන් විසඳුම් සෙවීමට අසමත් වෙලා - චරිත හේරත්

වෘත්තීයවේදීන් පෙන්වා ඡන්ද ලබාගෙන පිහිටවූ ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්නවලට වෘත්තීයභාවයෙන් විසඳුම් සෙවීමට බොහෝ අවස්ථාවල අසමත්වූ බව කෝප් කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රි මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී (08) පැවැසීය.

මේ ආර්ථික අර්බුදය ඇතිවුණේ ඒ නිසා බව පැවසූ මන්ත්‍රීවරයා ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට පැමිණ පස්සට තල්ලු වීම ගැන විදේශයන්හි මිත්‍රයන් අද හිනා වෙමින් සිටින බවද ප්‍රකාශ කළේය. මේ ගැන අපිට විශාල ලැජ්ජාවක් ඇතැයිද ඔහු කීවේය.

විවිධ පෝලිම්වල දුක් විඳින අහිංසක ජනතාවගේ දුක දකිද්දී ඔවුන් එලෙස පෝලිමේ ඉන්නේ ඒ අය කරපු වරදක් නිසා නොවේ කියලා හැඟෙන විට තමාට විශාල වේදනාවක් දැනෙන බව පැවසූ චරිත හේරත් මහතා 2008 ඉඳල හිටපු සියලුම මුදල් ඇමැතිවරුන් මුදල් ලේකම්වරුන්, මහ බැංකු අධිපතිවරුන් ස්වෛරී බැඳුම්කර ක්‍රියාදාමය ඉදිරියට ගෙන ගොස් ඒ හරහා මූල්‍ය වෙළෙඳපොළෙන් අධික පොලියට ණය ලබාගත් බවද ප්‍රකාශ කළේය.
විදේශ මුදල් හොයන්නෙ නැතිව ගත් එම ක්‍රියාමාර්ගය නිසා මේ ප්‍රශ්නය පුපුරා යන තැනට පැමිණි බවද මහාචාර්යවරයා පැවසීය.

රටේ 2019න් පසුව පත් වූ මුදල් ඇමැතිවරුන් ලේකම්වරුන් මහ බැංකු අධිපතිවරුන් ඒ කාර්තුවේ සිදුවීම්වලට වගකිවයුතු බවත් ඒ අය ආර්ථිකය සම්බන්ධයෙන් නිසි සොයා බැලීමක් නොකළේ යැයි විශ්වාස කිරීමට සිදුවන බවත් හේරත් මහතා සඳහන් කළේය.

ඉදිරියේදී පුද්ගලයන් විවිධ සංකල්ප ඉදිරිපත් කළ පමණින් ජනතාව ඒවාට ඡන්දය දීම නොකළ යුතු බව පැවසූ මන්ත්‍රීවරයා සංකල්ප ඉදිරියට ගෙනැවිත් දිනුවම අධ්‍යාපනය කෘෂිකර්මය ආර්ථිකය ව්‍යවස්ථාව කරන පුද්ගලයන් හෙළිදරව් කරන දේශපාලනයක් මේ රටට අවශ්‍ය බවද ප්‍රකාශ කළේය. එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය රට කරවන කණ්ඩායම කල්තියා හෙළිදරව් කළ බවත් කොල්වින් ආර් ද සිල්වා ඇන් ඇම් පෙරේරා වැනි විද්වතුන්ද ඒ කණ්ඩායමට ඇතුළත් කෙරුණු බවත් ඔහු කීවේය.

සංකල්ප විතරක් පෙන්නලා පුද්ගලයන් වහලා කරන දේශපාලනයට ඡන්දය ලබා දිය යුතු නැතැයිද චරිත හේරත් මහතා සඳහන් කළේය.

නංගි පෙන්නලා අක්කා දුන්නා වගේ විද්වතුන් පෙන්නලා වෙන මිනිස්සු දාල කෘෂිකර්මය ආර්ථිකය ගොඩනැඟිය නොහැකි බව පැවසූ මන්ත්‍රීවරයා ඉදිරි කාර්තුවේදී ප්‍රශ්නය විසඳීමට මේ සභාව එකතුවී වැඩ කළ යුතු බවද පැවසුවේය.

Exit mobile version