Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්ධන හිඟය මානව හිමිකම් කඩ කිරීමක් – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම

ඉන්ධන හිඟය මානව හිමිකම් කඩ කිරීමක් - ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම

ඉන්ධන හිඟය මානව හිමිකම් කඩ කිරීමක් - ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම

ජනතාවට පීඩාවක් වන පරිදි උද්ගත වී ඇති ඛනිජ තෙල් හිඟය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ගේ මානව හිමිකම් උල්ලංඝණය වීමක් සිදුවී ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හඳුනාගෙන තිබේ.

එම කොමිසම පවසන්නේ, ඉන්ධන හිඟය හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතයට බාධා එල්ල වී ඇති බවය.

මේ හේතුවෙන් ජන ජීවිතයට බලපා ඇති අපහසුතා වළක්වා ගැනීම සඳහා ආයතන මට්ටමින් ගෙන ඇති ක්‍රියාමාර්ග විමසා බැලීම සඳහා මැයි 27 දින බලශක්ති අමාත්‍යංශය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ මහජන උපයෝගිතා කොමිසම යන ආයතනවල ප්‍රධානීන් මානව හිමිකම් කොමිසමට කැඳවනු ලැබූහ.

රටේ වත්මන් ඉන්ධන හිඟය සහ මහ ජනතාවට සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමට බාධාවක් වී ඇති සහ දිගු පෝලිම්වල දීර්ඝ කාලයක් රැඳී සිටීමට සිදුව ඇති තත්ත්වය සමනය කිරීමට අදාළ ආයතන ගෙන ඇති පියවර පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අදාළ ආයතනවලට දැනුම් දී ඇත්තේ, බාධාවකින් තොරව ඛනිජ තෙල් ලබා ගැනීමට හැකි වන ක්‍රමවේදයක් ඉතාමත් කඩිනමින් සහ හදිසි අවශ්‍යතාවක් සේ සලකා සකස් කරන ලෙසය.

Exit mobile version