Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

1992ට පසු ප්‍රංසයේ අගමැති ධුරයට කාන්තාවක්

1992ට පසු ප්‍රංසයේ අගමැති ධුරයට කාන්තාවක්

1992ට පසු ප්‍රංසයේ අගමැති ධුරයට කාන්තාවක්

ප්‍රංසයේ නව අගමැති ලෙස එලිසබෙත් බෝර්න් නම් කළ බව සී.එන්.එන්. පුවත් සේවය වාර්තා කළේය. ප්‍රංසයේ අගමැති ධුරයට කාන්තාවක පත් වූයේ වසර 30කට පසුවය.

නිවේදනයක් නිකුත් කරමින් ප්‍රංස ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කළේ හිටපු අගමැති ජීන් කාස්ටෙක්ස් වෙනුවට එලිසබෙත් බෝර්න් මින් ඉදිරියට කටයුතු කරනු ඇති බවය.

දෙවැනි ලෝක මහා යුද්ධයෙන් පසු ප්‍රංසයේ අගමැති ධුරයට කාන්තාවක් පත් වූ දෙවැනි අවස්ථාව මෙය වේ. මීට පෙර එරට සමාජවාදි ජනාධිපති ෆ්‍රැන්කොයිස් මිත්‍රන්ඩ් යටතේ 1991 මැයි මාසයේ සිට 1992 අප්‍රේල් මාසය දක්වා පළමු වරට එම ධුරය හොබවනු ලැබුවේ එඩිත් ක්‍රෙසන් විසිනි.

මීට පෙර ප්‍රංසයේ කම්කරු, ප්‍රවාහන සහ පාරිසරික ඇමැතිවරිය ලෙස කටයුතු කළ 61 හැවිරිදි එලිසෙබත් බෝර්න් ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන්ගේ ජනපති සටනේදී වැඩි කාර්යභාරයක් ඉටු කර තිබිණි.

Exit mobile version