Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දමිළ සිනමාවේ ප්‍රචලිත වූ ශ්‍රී ලාංකික දරුවා

උතුරු ශ්‍රී ලාංකික දරුවෙකු වන අජීස් සිවකුමාර් දමිළ සිනමා ලොකයේ ජනප්‍රිය ලාබාල ගායකයෙකු ලෙස ඔහුටම ආවේණික වූ අනන්‍යතාවයක් ගොඩනගමින් සිටී.

මෙම චිත්‍රපටය නළු සූර්යා – ජෝතිකා විසින් නිෂ්පාදනය කරන පරම්පරා තුනක නළුවන් වන අරුන් විජේයි සහ ඔහුගෙ පුත් අර්නව් විජේයි සහ අරුන් විජේයිගේ පියා විජේකුමාර් යන අය විසින් රඟන චිත්‍රපටයකි.

මෙම චිත්‍රපටයේ ඇතුළත් “ඉට්ස් මයි කින්ඩා ඩේ” යන ගීතය මෑතකදී යූ ටියුබයේහි පළ වූ අතර එය කෝටි සංඛ්‍යාත ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගෙන ඇත. නිවාස් කේ. ප්‍රසන්නාගේ සංගීතයෙන් නිර්මාණය වූ මෙම ගීතය IBC Tamil Golden Tamil voice හි අවසන් තරඟකරු වන අජීස් සිවකුමාර් විසින් ගායනා කර ඇත.

යුරෝපීය හා කැනේඩියානු තරඟකරුවන් සහභාගී වූ IBC දමිළ ළමා ස්වර්ණ දමිළ හඬ තරඟයට සහභාගී වූ අජීස්, අවසන් මහා වටයට තේරී පත් වූ නිසා වේදිකාවේ සිටි සංගීතවේදී ජිබ්රනාල්ගේ පැසසුමට ලක් විය.

කැනඩාවේ වෙසෙන ඊළාම් දෙමළ පිරිමි දරුවෙකු වන අජීස්, පසුබිම් ගායකයෙකු වීමට ලැබීම ගැන සතුටු වන බවත්, තම දෙමාපියන්ගේ උපකාරයෙන් තවත් ගීත රාශියක් ගායනා කිරීමට කැමති බවත් ප්‍රකාශ කර ඇත.

Exit mobile version