Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මධ්‍යම අප්‍රිකානු ජනරජය, Bitcoin තම නිල මුදල් ඒකකය බවට නිවේදනය කරයි

මධ්‍යම අප්‍රිකාව, Bitcoin තම නිල මුදල් ඒකකය බවට නිවේදනය කරයි

මධ්‍යම අප්‍රිකාව, Bitcoin තම නිල මුදල් ඒකකය බවට නිවේදනය කරයි

සිය නිල මුදල් ඒකකය ලෙස Bitcoin පිළිගැනීමට මධ්‍යම අප්‍රිකානු ජනරජය අනුමැතිය දී තිබේ. එවැනි අනුමැතියක් දුන් දෙවන රට වන්නේ, එයයි.

දියමන්ති, රන් සහ යුරේනියම්වලින් පොහොසත් වුවද, මධ්‍යම අප්‍රිකාව ලෝකයේ දුප්පත්ම රටවල්වලින් එකකි.

මධ්‍යම අප්‍රිකාවේ ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, බිට්කොයින් නිල මුදල් ඒකකය බවට පත් කිරීම සඳහා එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒකමතිකව ඡන්දය භාවිත කළ බවය. එම නිවේදනයේ සඳහන් වන්නේ, මෙම පියවර ගැනීම හරහා මධ්‍යම අප්‍රිකාව ලෝකයේ නිර්භීත ම සහ වඩා ත් සාර්ථක දැක්මක් සහිත රටක් බව පෙන්නුම් කර ඇති බවය.

බිට්කොයින් නිල මුදල් ඒකකය ලෙස පිළිගත් පළමු රට වන්නේ, එල් සැල්වදොරයයි.

ඔවුන් 2021 වසරේ සැප්තැම්බර් මාසයේදී එම තීරණය ගත් අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු පාර්ශව රැසක් එය නිර්දය ලෙස විවේචනය කර තිබිණි.

Exit mobile version