Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රු. බිලියන 3.5ක ආයෝජනයකින් නැවත ආරම්භ කළ ඇඹිලිපිටිය කඩදාස කම්හලෙන් රැකියා අවස්ථා 2000ක් – එස්. බී. දිසානායක

රු. බිලියන 3.5ක ආයෝජනයකින් නැවත ආරම්භ කළ ඇඹිලිපිටිය කඩදාස කම්හලෙන් රැකියා අවස්ථා 2000ක් - එස්. බී. දිසානායක

රු. බිලියන 3.5ක ආයෝජනයකින් නැවත ආරම්භ කළ ඇඹිලිපිටිය කඩදාස කම්හලෙන් රැකියා අවස්ථා 2000ක් - එස්. බී. දිසානායක

වසා තිබූ ඇඹිලිපිටිය කඩදාස කම්හල වසර නවයකට පසුව දේශීය ආයෝජකයෙක් සමඟ ගිවිසුම්ගතව ආරම්භ කිරීමට හැකිවීම රටේ වාසනාවක් බවත් වසා තිබෙන සියලුම දේශීය කර්මාන්ත නැවත ආරම්භ කරන බවත් කර්මාන්ත අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පැවසීය.

රුපියල් බිලියන 3.5ක ආයෝජනයකින් නැවත ආරම්භ කළ ඇඹිලිපිටිය කඩදාස කම්හලෙන් රැකියා අවස්ථා 2000ක් පමණ ඇති වන බව කී අමාත්‍ය එස්. බී. දිසානායක මහතා ශ්‍රී ලංකාවේ කර්මාන්ත ආරම්භ කිරීමට පළමුවෙන්ම දේශීය ආයෝජනයන්ට අවස්ථාව ලබාදෙන බවද සඳහන් කළේය.

එම කර්මාන්ත ශාලාවේ වසරකට කඩදාසි මෙටි්‍රක්ටොන් 75,000ක් දේශීය කඩදාසි අවශ්‍යතාව සැපයීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා කීය.
ඇඹ්ලිපිටිය කර්මාන්ත ශාලාව නැවත විවෘත කිරීමේ උත්වසයට සහභාගි වෙමින් අමාත්‍ය එස්. බී. දිසානායක මහතා එසේ පැවසීය.

මෙහිදී කර්මාන්ත අමාත්‍ය එස්. බී. දිසානායක මහතා හිටපු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ගෙනගිය වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ස්තූතිය පළකිරීමද කැපී පෙනුණි.

Exit mobile version