Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආනයන සීමාකිරීමෙන් ආර්ථික ප්‍රශ්න විසඳන්න හිතනවා නම්, ඒක බරපතළ විහිළුවක් – ආර්ථික විද්‍යා ආචාර්ය ප්‍රියංග දුනුසිංහ

ආනයන සීමාකිරීමෙන් ආර්ථික ප්‍රශ්න විසඳන්න හිතනවා නම්, ඒක බරපතළ විහිළුවක් - ආර්ථික විද්‍යා ආචාර්ය ප්‍රියංග දුනුසිංහ

ආනයන සීමාකිරීමෙන් ආර්ථික ප්‍රශ්න විසඳන්න හිතනවා නම්, ඒක බරපතළ විහිළුවක් - ආර්ථික විද්‍යා ආචාර්ය ප්‍රියංග දුනුසිංහ

අත්‍යවශ්‍ය නොවන යැයි හඳුන්වන භාණ්ඩ විශාල සංඛ්‍යාවකට ආනයන සීමා පනවන්න රජය තීරණය කර තිබීම කෙතරම් ප්‍රයෝගිකද? යන්න ගැන (10) ජාතික පුවත්පතකට අදහස් දක්වා තිබෙන කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මෙසේ පවසා ඇත.

“කවුරුහරි හිතනවා නම් මේ විදිහට ආනයන සීමාකිරීම් තුළින් අද මුහුණපාලා තියෙන ආර්ථික ප්‍රශ්නය විසඳගන්න පුළුවන් කියලා, ඒක බරපතළ විහිළුවක්. ඊට වැඩි විශාල ප්‍රශ්නයක් මෙතෙන තියෙනවා. එක පැත්තකින් ඩොලර් නොමැතිකම. අනෙක් පැත්තෙන් ණය ගෙවීමේ අර්බුදය. ආනයන පාලනය කරන්න ගිහින් තවදුරටත් අපි ආර්ථිකය අඩපණ කරගැනීමක් තමයි සිදුකර ගනිමින් යන්නේ. මේ නිසා මීට වැඩිය දැවැන්ත මැදිහත්වීමක් කරන්න ඕනේ. කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා කළ යුත්තේ භාණ්ඩ සඳහා සිමා පැනවීම නෙමෙයි. ණය ගෙවීමේ හැකියාව ලබාගැනීම සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබන්නේ කොහොමද, ඉදිරි වසර කිහිපයේදී මධ්‍යකාලීනව සහ දිර්ඝ කාලීනව ආර්ථිකය වර්ධනය කරගැනීමට සැලසුම් සකස් කරන්නේ කොහොමද කියන එක තමයි සාකච්ඡා විය යුත්තේ.

ඇපල්, මිදි, වතුර ගේන එක පාලනය කරලා මේ අර්බුදය විසඳන්න පුළුවන් කියල හිතනවා නම්, ඒකෙන් පෙන්නේ මේ ගැටලුව සම්බන්ධයෙන් ඔවුන් තුළ තියෙන අවබෝධයේ ප්‍රමාණය”.

Exit mobile version