Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඇපල්, මිදි සහ දොඩම් කාලා කළුවරේ ඉන්නවාද?, පිට රටින් වතුර ගෙනල්ලා බීලා වහනවලට තෙල් නැතුව ඉන්නවද? – උදය ගම්මන්පිල

ගම්මන්පිල විසින් ඉදිරිපත් කළ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට

ගම්මන්පිල විසින් ඉදිරිපත් කළ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට

ඉන්ධන සඳහා මහ බැංකු අඛණ්ඩව ඩොලර් නිදහස් කරන බව පැවසුවද මහපොළව තුළ එය ඉටුනොවන බවත් ඩොලර් අඛන්ඩව ලබාදෙන්නේ නම් ඉන්ධන අර්බුදයක් නොමැතිව ඉන්ධන අඛණ්ඩව සැපයිම සහතික කළ හැකි බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා (28) පැවසීය.

තමන් ද ඇමතිවරයෙක් වන ආණ්ඩුව දැන් කළ යුත්තේ ප්‍රමුඛතා හදුනාගෙන ඇපල්, මිදි සහ දොඩම් කාලා කළුවරේ ඉන්නවාද, පිට රටින් වතුර ගෙනල්ලා බීලා වහනවලට තෙල් නැතුව ඉන්නවද එසේ නොවේ නම් කැප කිරීම් කර ඖෂධ සහ ඉන්ධන සඳහා සීමිත විදේශ විනිමය පාවිච්චි කිරීම බවත් ඇපල් මිදි ඇති තෙල් ටික නැති සහ පිට රටින් ගේන මීපැණි ඇති ඒත් ඖෂධ නැති රටක් වෙනවා යන තීරණය ආණ්ඩුව ගතයුතු බවත් අමාත්‍යවරයා කීය.

ඉන්ධන අර්බුදය ශරීරියේ ලේ ගමනය නැති වූවා වැනි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව තුළ ඉන්ධන අර්බුදයක් හෝ විදුලි අර්බුදයක් නොමැති මෙන්ම විදේශ විනිමය අර්බුදයක් පමණක් ඇති බවත් පසුගිය වසර පුරාම විදේශ විනිමය අර්බුදය ඇති වන බව කිව්වත් මේ වන විට ඒ භයන්කාර සිහිනය සැබෑ වී ඇති බවත් බලශක්ති අමාත්‍ය ගම්මන්පිල මහතා පැවසීය.

Exit mobile version