Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඩොලර් අර්බුදය නිසා පැය විසිහතරක් තුළ අවමංගල්‍ය උත්සව

කොවිඩ් ආසාදිත මරණ ‘0’ට බසී

කොවිඩ් ආසාදිත මරණ ‘0’ට බසී

ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදය හේතුවෙන් අලුතින්ම පැනනැග ඇති ගැටලුවක් වන්නේ ඉන්දියාව සහ පාකිස්තානයෙන් දැනට ආනයනය කරනු ලබන මරණ කල්තබා ගැනීම සඳහා යොදන ෆෝමලින් රසායනය ගෙන්වීමට බැරිව යාමය. මේ නිසා ඉදිරියේදී රට තුළ ෆෝමලින් හිඟවීමේ අවදානමක් පවතින බව මල් ශාලා හිමියෝ පවසති.

ඔවුන් පෙන්වා දෙන්නේ මේ වන විට රට තුළ මසකට පමණ ප්‍රමාණවත් ෆෝමලින් පවතින නමුත් රජය අත්‍යවශ්‍ය ආහාර හා ඉන්ධන සඳහා මුදල් ලබාදීමට මූලිකත්වය ලබාදෙන හෙයින් ඉදිරියේදී මල් ශාලා කර්මාන්තයද ගැටලු සහගත තත්ත්වයට පත්වෙනු ඇති බවයි.

මහා පරිමාණ මල්ශාලාවකට සාමාන්‍ය ලෙස මසකට ෆෝමලීන් ලීටර් තිහක් හතළිහක් අතර ප්‍රමාණයක් සහ කුඩා මල් ශාලා සඳහා මසකට ෆෝමලින් ලීටර් විසි දෙකක් පමණ අවැසිවේ.මෘත ශරීර එම්බාම් කිරීම සඳහා ෆෝමලින් හැර වෙනත් විකල්ප ද්‍රව්‍යයක් නොමැති හෙයින් මසක් වැනි කාලයක් තුළදී මල්ශාලා සඳහා අවශ්‍ය ෆෝමලින් ආනයනය කිරීමට නොහැකි වුවහොත් මිනී එම්බාම් කිරීමක් සිදු නොකර පැය විසිහතරක් තුළ අවමංගල්‍ය උත්සවවල අවසන් කටයුතු කිරීමට සිදුවනු ඇති බව දන්වා තිබේ.

Exit mobile version