Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආණ්ඩුවෙන් සහන පැකේජයක් – කැබිනට් රැස්වීමෙන් අනතුරුව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ දන්වයි

කැබිනට් අනුකමිටු දෙකක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය

කැබිනට් අනුකමිටු දෙකක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය

ආර්ථික අර්බුදයට විසඳුමක් පිණිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා නොගන්නා බව කී මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා (03දා) පැවැති කැබිනට් රැස්වීමට සහන පැකේජයක් ඉදිරිපත් කළේය.

කැබිනට් රැස්වීමෙන් අනතුරුව මුදල් අමාත්‍යාංශයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් එම සහන පැකේජය පිළිබඳව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කරුණු පැහැදිලි කළේය. එම සහන (04දා) සිට ක්‍රියාත්මක වන බව මුදල් ඇමැතිවරයා පැවැසීය.

මුදල් ඇමැතිවරයා විසින් යෝජිත සහන පැකේජය මෙසේය.

– සියලුම රාජ්‍ය සේවකයන්ට හා විශ්‍රාමිකයන්ට රුපියල් පන්දහසක දීමනාවක්

– සියලු අත්‍යවශ්‍ය ඔෟෂධ හා ආහාරවල බදු ඉවතට

– වතු කම්කරු පවුලකට තිරිඟු පිටි සහනාධාරයක්

– සමෘද්ධිලාභීන්ට රුපියල් දහසක දීමනාවක්

– පර්චස් විස්සට අඩු ගෙවතු වගාවන්ට පන්දහසක දීමනාවක්

– ආබාධිතයන් හා ආබාධිත සෙබළුන්ටත් පන්දහසක දීමනාවක්

– වගා හානි වන ගොවීන්ට භාණ්ඩාගාරයෙන් සහන

– පන්දහසේ සහනාධාරය පෞද්ගලික අංශයටත් ලබාදීමට හාම්පුතුන් සමඟ සාකච්ඡා කරන බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මුදල් ඇමැතිවරයා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සන්දේශයේ පරිප්පු කිලෝවක් රු. 350-400, ඩීසල් ලීටරයක් 146ක් වැනි විශාල අගයකින් මෙම වසරේදී අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ යෑමේ අවදානමක් පවතින බවටද කරුණු සඳහන් වේ.

Exit mobile version