චීනය මිතුරෙක් කර ගැනීම සඳහා ඉන්දියාව තරහ කර ගැනීමේ ප්‍රතිපත්තිය පසෙකලා, චීනය හා ඉන්දියාව මිත්‍රයන් ලෙස සලකා ඔබගේ ප්‍රතිපත්තිය වෙනස් කර ගන්න යැයි ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෝවින්දම් කරුණාකරන් මහතා, ඊයේ දින පාර්ලිමේන්තුව අමතමින් රජයට මේ බව පැවසීය.
අසල්වැසි රටක් වන ඉන්දියාව සමඟ තිබෙන ඓතිහාසික, සංස්කෘතික, පාරම්පරික සහ ආගමික සම්බන්ධතාව බිඳිය නොහැකිය. ආරවුල් ඇති නොවන ශක්තිමත් බැඳීමක් අතීතයේ සිටි පවතින බව ඔබලා පහසුවෙන් අමතක නොකළ යුතුය. යනුවෙන් තව දුරටත් ප්‍රකාශකර සිටියේය.