Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

Omicron ප්‍රභේදයට එරෙහිව Pfizer, Moderna, Novavax සටනට සූදානම්

Omicron ප්‍රභේදයට එරෙහිව Pfizer, Moderna, Novavax සටනට සූදානම්

Omicron ප්‍රභේදයට එරෙහිව Pfizer, Moderna, Novavax සටනට සූදානම්

ලොව තුළ හඳුනාගෙන ඇති අලුත්ම COVID-19 ප්‍රභේදය වන Omicron ප්‍රභේදය තමන් දැනට ඉදිරිපත් කර ඇති එන්නත්වලට ප්‍රතිචාර නොදක්වා, ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරන්නේ නම් දින 100ක් ඇතුළතදී ඊට එරෙහිව නව එන්නතක් ඉදිරිපත් කරන බව Pfizer සහ BionTech සමාගම් සඳහන් කරයි. B.1.1.529 යන කේත අංකයෙන් සහ Omicron යන නමින් හඳුන්වා දී තිබෙන මෙම නව ප්‍රභේදය ඉතාමත් ඉහළ විකෘතිතාවක් සහිත ප්‍රත්වයක් බවට දැනට හඳුනාගෙන තිබේ.

එසේම ඉන් ආසාදිතයන් වාර්තා වීම්ද ඉහළ යාමේ අවස්ථාවක් පවතින බව සඳහන් කෙරී තිබේ. “යම් ලෙසකින් දැනට අපි ඉදිරිපත් කර තිබෙන මෙම එන්නත් මාත්‍රාව සම්බන්ධයෙන් එම ප්‍රභේදය ප්‍රතිරෝධතාවක් දක්වන්නේ නම් ආසන්නව දින 100ක් ඇතුළතදී එම ප්‍රභේදයට සාර්ථක ලෙස පිළිතුරු දෙන එන්නතක් නිපදවන්න අපිට හැකි වේවි.” යනුවෙන් සමාගම් පවසා තිබේ.

මේ අතර එක්සත් ජනපදයේ Moderna සමාගමත් නිවේදනයක් නිකුත් කරමින් මේ වසර ආරම්භයේ සිටම තමන් අලුත් COVID-19 ප්‍රභේදයක් ලොව හට ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටි බවත්, ඒ අනුව සිය එන්නත් නිෂ්පාදන සහ අත්හදා බැලීම් කටයුතු සිදු කරමින් සිටි බවත් පවසා තිබේ. එසේම Novavax සමාගමත් මෙම අලුත්ම B.1.1.529 යන ජානමය පිළිවෙළ අනුව යමින් අලුත් එන්නතක් නිපදවීම ආරම්භ කර ඇතැයි පවසා තිබේ. එහි අත්හදා බැලීම් සහ නිෂ්පාදන කටයුතු ඉදිරි සති කිහිපයේදී ඇරඹීමට අපේක්ෂා කරන බවත් ඔවුන් සදහන් කර ඇත.

Exit mobile version