Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“ඔබගේ පුතාව බේරාගත්තා නේද? හඬන්න එපා, ධෛර්යයවන්තව සිටින්න” – පාරුව පෙරලුණ මොහොත

පාරුව පෙරලුණ මොහොතේ සියළු දෙනා භීතියෙන් අඬන විට එක් පුද්ගලයෙකු පමණක් බේරා ගැනීමට උත්සාහ දරමින් සිටියේය.

පාරුව සෙමෙන් සෙමෙන් පෙරළෙන බව දැනගත් විගස තම පුතාව තදින් අල්ලාගෙන එක් පියෙකු ගොඩබිම වෙත වේගයෙන් පීනා ආවේය. පසුව, පුතාට එහි සිටින ලෙස කියා නැවැතත් වතුරට පැන අනෙකුත් අය සමඟ එක් වී ජලයේ පොරබදිමින් සිටි එක් එක් පුද්ගලයින්ව බේරා ගත්තේය.

අවසානයේ ජලයේ පොර බදිමින් සිටි සියළු දෙනාවම බේරාගත් පසු, අදාළ පියා තම පුතු අසළට පැමිණියේ ය. ඔහු පුතු අසළට පැමිණි පසුත් ශෝකයෙන් හඬමින් සිටියේය.

ඔහු අසළ සිටි පුද්ගලයා “ඔබගේ පුතාව බේරාගත්තා නේද? හඬන්න එපා. ධෛර්යයවන්තව සිටින්න.” යැයි පැවසීය.

“වතුරේ හැමතැනම සෙව්වෙමි. මාගේ බිරිඳව සහ අනෙක් දරුවාව සොයා ගැනීමට නොහැකි විය.” යැයි පවසා හඬමින් සිටියේය. සමහරු දියේ ගිලුණු අයව දිගටම සොයමින් සිටියහ.

විනාඩි කිහිපයකට පසු ඔහුගේ බිරිඳව සහ දරුවාව සොයා ගන්නා ලදී. ඔහුගේ බිරිඳ තම දියණියව තදින් වැළඳගෙන සිටියාය. දෙදෙනාගේම ජීවිත ඒ වන විට ජල රකුසා විසින් ඩැහැ ගෙන සිටියේය.

අනතුරට පත් පවුල්වලට සිත් සැනසීමත්, ජීවිතයෙන් සමුගත් අයට ස්වර්ගයත් ලබා දෙන ලෙස දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටිමු.

 

-Nasar ijas

Exit mobile version