Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාස්කු ප්‍රහාරයට මෛත්‍රී සම්පූර්ණයෙන් වගකියන්න ඕන – ප්‍රසන්න රණතුංගගෙන් මෛත්‍රීට ප්‍රහාරයක්

පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන් වගකිවයුතු වන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වන අතර ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමට කටයුතු කළ අයුරින දැන් ආණ්ඩුවද විනාශ කිරීමට සැරසෙන බවටයි රණතුංග අමාත්‍යවරයා චෝදනා කළේ.

”මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක තරහ කෙනෙක් නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි අපේ ආරම්භය. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඒ ගෞරවය දෙනවා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙහෙයවපු පුද්ගලයෙක් පිළිබඳ අපට ගැටළුවක් තියෙනවා. ඒ නිසා තමයි පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී මම කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගෑවිච්ච එකෙකුට දෙන්න එපා කියල. ඔය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පක්ෂය විනාශ කළා. අද මේ ආණ්ඩුවත් විනාශ කරන්න හදන්නේ. එතුමා සම්පූර්ණ වගකියන්න ඕනේ පාස්කු ප්‍රහාරයට. නීතිය එතුමාට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන ස්ථාවරයේ ඉඳගෙන මම කතා කරන්නේ. එතුමා පහුගිය කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු එළියේ කතා කරන දේවල් අපි අහගෙන හිටියා. හැමදාම කටවහගෙන ඉන්න බැහැ. ඒවාට උත්තර දෙනකොට රිදෙනවා. රිදෙනකොට ඒගොල්ලෝ කියන දේවල් වලට ගොඩක් දේවල් අපට කියන්න වෙයි. මම මගේ මතය හැමදාම කියපු කෙනෙක්. මම විශ්වාස කරනවා ආණ්ඩුවක් හැටියට ශක්තිමත්ව ගෙනයන්න නම් කාටහරි ඉන්න බැරිනම් මේක ඇතුළේ ඉඳන් සියලු වරප්‍රසාද අරන් බොරුවට කෑගහන්නේ නැතුව එළියට යන්න ඕනේ. එහෙම නැත්නම් ආණ්ඩුවත් එක්ක එකතුවෙලා කටයුතු කරගෙන යන්න. ඔය දෙකෙන් එකක් තමයි කරන්න තියෙන්නේ.” යනුවෙන් අමාතයවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදී.

අමත්‍යවරයා මේ බව සඳහන් කළේ (26)වන දින් යක්කල වීදියවත්ත ප්‍රදේශයේ ජල කුළුණක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.

Exit mobile version