Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 13ක මහජන චීන හමුදාවට පහසුකම් සපයන මධ්‍යස්ථාන – පෙන්ටගන වාර්තාවක්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 13ක මහජන චීන හමුදාවට පහසුකම් සපයන මධ්‍යස්ථාන - පෙන්ටගන වාර්තාවක්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 13ක මහජන චීන හමුදාවට පහසුකම් සපයන මධ්‍යස්ථාන - පෙන්ටගන වාර්තාවක්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් මහජන චීන හමුදාවට පහසුකම් සපයන මධ්‍යස්ථාන බවට පත්කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි, පෙන්ටගනය නිකුත් කළ නවතම ආරක්ෂක විශ්ලේෂණ වාර්තාවක් අනාවරණය කර තිබේ.

චීනයේ හමුදා හා ආරක්ෂක සංවර්ධන ක්‍රියාකාරිත්වය පිළිබඳව ඇමරිකාවේ ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගනය මෙම වාර්තාව සකස්කර තිබේ.

එහි සඳහන් වන්නේ චීනය තමන්ගේ හමුදා බලය විශාල ප්‍රදේශයක පවත්වාගෙන යෑම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 13ක සිය හමුදාවට පහසුකම් සපයන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට ඉඩ ඇති බවයි.

ශ්‍රී ලංකාව සමග කාම්බෝජය, මියන්මාරය, තායිලන්තය, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, සහ පකිස්ථානය ඇතුළු රටවල් 13ක් චීනය මේ සඳහා යොදා ගැනීමට ඉඩ ඇති බව ඇමරිකානු වාර්තාවේ සඳහන්ය.

එහි දැක්වෙන්නේ චීනය, තමන්ගේ නාවික යුද සහ ගුවන් හමුදා ශක්තිය වැඩි කිරීමට මෙමගින් අපේක්ෂා කරන බවයි.

Exit mobile version