Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාස්කු ප්‍රහාරයේ සැකයන් ගැන අදහස් දක්වන විට CIDට කැඳවලා හිරිහැර කිරීම අනුමත කරන්නේ නැහැ

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පවතින සැකයන් ගැන අදහස් දක්වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවමින් හිරිහැර කිරීම අනුමත නොකරන බවත්, සැක සහිත කරුණු ගැන කතා කරද්දී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම වැනි කටයුතු වගකිව යුතු නායකයන්ගෙන් බලාපොරොත්තු නොවන බවත්, නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වූ හා සහය දුන් අයට එරෙහිව යැයි බවත්, අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමයෝ සඳහන් කරති.

රට පාලනය කරන්නේ සැබෑ නායකයෙක් කියා සිතිය හැක්කේ අනීතිය ක්‍රියාත්මක කළොත් පමණක් යැයි සඳහන් කරන අගරදගුරුතුන් “අපිව මැරුවත් ජීවිතයක් උදුරා ගත්තත් මෙම සටන අතඅරින්නේ නැහැ.” යැයිද ප්‍රකාශ කර තිබේ.

කාදිනල්තුමන් මේ බව පැවසුවේ කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් තම බිරිඳ හා දරුවන් අහිමි වූ ප්‍රදීප් සුසන්ත මහතාට නිවසක් ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි.

ප්‍රහාරය අනතුරු ඇඟවීම් ලැබුණු විට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ආරක්ෂක අංශවල සිටි පිරිස උත්සාහ කළේ තම ආරක්ෂාව තහවුරු කර ගැනීමට පමණක් බවත් ඒ සියලු දෙනාට දඬුවම් කළ යුතු බව ජනාධිපති කොමිසම නිර්දේශ කර තිබෙණ නමුත් වත්මන් පාලකයන් එය මෙතෙක් නොකිරීමෙන් ජනාධිපති කොමිසම සඳහා වැයකළ රුපියල් මිලියන 600ක මුදල කාණුවට ගොස් ඇතැයිද කාදිනල්තුමෝ සඳහන් කරති.

Exit mobile version