Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අවසන් වරට නැවතත් මතක් කරමි :” චීන පොහොර ලංකාවට ආවොත් කෘෂිකර්මාන්තය විනාසයි”

අවසන් වරට නැවතත් මතක් කරමි :" චීනෙන් එන පොහොර ලංකාවට ආවොත් කෘෂිකර්මාන්තය විනාසයි"

අවසන් වරට නැවතත් මතක් කරමි :" චීනෙන් එන පොහොර ලංකාවට ආවොත් කෘෂිකර්මාන්තය විනාසයි"

චීනයෙන් ගෙන්වා ඇති කාබනික පොහොර තොගය මෙරටට ගොඩබානවාද නැද්ද යන තීරණය මත මෙරට කෘෂිකර්මයේ සහ පාරිසරික අනන්‍යතාවයේ ඉදිරිය තීරණය වනු ඇතැයි රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂි ජීව විද්‍යා පීඨයේ මහාචාර්ය නාලිකා රණතුංග පවසයි.

තුන්වන වතාවටත් නිරෝධායන පරීක්ෂණයෙන් අසමත් වූ එම පොහොර තොගයේ අන්තර්ගත ක්‍ෂුද්‍ර ජීවීන් අපේ පසට, බෝගයන්ට, සතුන්ට හා මිනිසුන්ට කවරාකාර බලපෑමක් එල්ල කරයි දැයි පුරෝකථනය කිරීමට සමත් කිසිවකු නැතැයි ද මහාචාර්යවරිය සඳහන් කරයි.

මහාචාර්ය නාලිකා රණතුංග මහත්මිය (23) මධ්‍යම රාත්‍රී 12.09ට සිය මුහුණු පොතෙහි සටහනක් තබමින් මේ බව පවසා ඇත.

ඇය එහි මෙසේ ද සටහන් කර තිබේ.

අවසන් වරට නැවතත් මතක් කරමි.

තුන්වන වතාවටත් නිරෝධායන පරීක්ෂණයෙන් අසමත් වූ, ශාක රෝගකාරක බැක්ටීරියා ඇතුළු තවත් ක්‍ෂුද්‍රජීවීන් සිටින බව හොඳාකාරවම දන්නා, නයිට්‍රජන් ප්‍රභවය නොදන්නා චීන කාබනික පොහොර තොගය ශ්‍රී ලංකාවට අද රාත්‍රියේ පැමිණීමට නියමිතය.

එය ලංකාවට ගොඩබානවාද නැද්ද යන තීරණය අතර ඇත්තේ අත්සන් කිහිපයක් පමණි. එසේ ගසනු ලබන අත්සන් කිහිපය මඟින් මේ රටේ කෘෂිකර්මයේ සහ පාරිසරික අනන්‍යතාවයේ ඉදිරිය තීරණය කරනු ඇත.

මෙසේ ගෙනෙන ලද ක්‍ෂුද්‍ර ජීවීන් අපේ පසට, අපේ බෝගයන්ට, සතුන්ට හා මිනිසුන්ට කවරාකාර බලපෑමක් එල්ල කරතිදැයි පුරෝකථනය කිරීමට සමත් කිසිවෙකු නැත. මිනිසුන් මෙන්ම කාර්මීකරණය වූ ප්‍රදේශ බහුල චීන පසෙහි ඇති ක්‍ෂුද්‍රජීවීන්ද වඩාත් ආක්‍රමනශීලී වේ යැයි නිකමට මට සිතේ.

මේ වැරැද්ද මතු කිසිම දිනක නැවත හැරවිය හැකි එකක් නොවේ. යම් හෙයකින් රට සුරකින නිරෝධායන ආරක්ෂිත වලල්ල බිඳ හෙලුවහොත්, අනාගතයේ තව තවත් මෙවැනි ව්‍යසන අපේ මව්බිම කරා ඉතා පහසුවෙන් ලඟා වෙනු නොඅනුමානය.

කෙතරම් පොරොන්දු දුන්නද, මෙය අපගේ රට තුළට ඇතුලු නොකර සිටීමට තරම් බලය ඇත්තෝ සංවේදී වේ යැයි සිතීමට තරම් කිසිදු සාක්ශියක් මා සතුව නොමැත.

බලවත් සිත් තැවුලෙන් මෙසේ ලියා තබමි 23/10/2021 මධ්‍යම රාත්‍රී 12.09

මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තාක්‍ෂණික පීඨයේ ආචාර්ය ප්‍රදීප් ගජනායක මහතා ද සිය ෆේස් බුක් ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබිණි.

“චීන කාබනික පොහොර රැගත් නැව ශ්‍රී ලංකාවට ලගා වූ බවට වාර්තා ලැබේ” එම නිසා මා හට අවසන් වශයෙන් පැවසීමට ඇත්තේ ශ්‍රී ලංකාව බොහෝ දුක් විඳිනවා, එය නරක මිනිසුන්ගේ හිංසනය නිසා නොව, යහපත් මිනිසුන්ගේ නිශ්ශබ්දතාව නිසාය. තීරණය ඔබේ අතේ.”

Exit mobile version