Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොලීසියත් හවුල් වී නීති විරෝධී වැලි ජාවාරම ජයටම

වඩමාරච්චි නැගෙනහිර පොලීසිය සමඟ එක් වී නීති විරෝධී වැලි ජාවාරම කෙරෙන බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා චෝදනා කරයි.

අද දින පේදුරුතුඩුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ නීති විරෝධී වැලි ජාවාරම් සිදු වන ස්ථානවලට ගොස් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අදහස් දැක්වීමේ දී එම්.ඒ. සුමන්තිරන් මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

දීර්ඝ කාලයක සිට නීති විරෝධී ලෙස වැලි ජාවාරම් මෙම ප්‍රදේශයේ සිදුවෙමින් පවතී. විශේෂයෙන්ම මම වරක් මගේ වාහනයේ ගමන් කරන විට වැලි ජාවාරම්කරුවන් මා දැක ඔවුන්ගේ වාහනය ආපසු හරවා ගෙන යන අයුරු මා සජීවීව දුටුවෙමි.

එමෙන්ම මෙම ප්‍රදේශයේ ජනතාව දැඩි භීතියට පත්වී සිටිති. එනම් නීති විරෝධී වැලි ජාවාරම පෞද්ගලික ඉඩම්වල සිදු වන හෙයිනි.

නීති විරෝධී ලෙස වැලි ගොඩ දැමීම සම්බන්ධයෙන් පොලීසිය වෙත දැනුම් දුන් විට, ඔවුන් පියවර ගන්නා බව කිව්වත් එම රාජකාරි සිදු කරන විට රාජකාරිය කරන පොලිස් නිලධාරීන් වෙත නොයෙකුත් දුරකථන ඇමතුම් ලැබේ.

වර්තමාන තත්ත්වය එයයි. එබැවින් පොලීසිය සමඟ එක් වී මෙම නීති විරෝධී වැලි ජාවාරම සිදුවන බව තහවුරු වේ. එම නිසා මෙම කරුණ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් පිළිබඳව නිසි පියවර ගන්නා ලෙස ඔහු ඉල්ලා සිටියේය.

Exit mobile version