Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උද්ඝෝෂණ කරන්නේ ජවිපෙත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් – මහින්දානන්ද; මම ‌‌ජනපතිට කළින්ම කිව්වා – මෛත්‍රී

උද්ඝෝෂණ කරන්නේ ජවිපෙත් ආණ්ඩුවත් සමග සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් - මහින්දානන්ද; මම ‌‌ජනපතිට කළින්ම කිව්වා - මෛත්‍රී

උද්ඝෝෂණ කරන්නේ ජවිපෙත් ආණ්ඩුවත් සමග සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් - මහින්දානන්ද; මම ‌‌ජනපතිට කළින්ම කිව්වා - මෛත්‍රී

පොහොර ප්‍රශ්නය නිසා මේ වනවිට ඇමැතිවරුන් ගොවීන්ගෙන් බැනුම් අසන බවත්, ඇමැතිවරුන් ඒ නිසා ගොවීන් ළගට නොයන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ මෙම උද්ඝෝෂණ කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ බවත්, දැන් ඊට ආණ්ඩුවත් සමග සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද එක්ව සිටින බවයි. කෙසේවෙතත් මේවාට වියදම් කරන්නේ රසායනික පොහොර සමාගම් බවත් අමාත්‍යවරයා කීය.

මේ අතර රසායනික පොහොර තහනමේ බරපතළකම සහ ප්‍රතිවිපාක තමන් කල්තියාම ජනාධිපතිවරයාට පෞද්ගලිකවත්, ලිඛිතවත් දැනුම් දුන් බව හෙටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ඒ මහතා පෙන්වා දුන්නේ තම පක්ෂයද මේ සම්බන්ධයෙන් ආණ්ඩුව දැනුවත් කර ඇති බවකි.

නමුත් ඊට ඇහුම්කන් නොදීමෙන් අද වනවිට ගොවි ජනතාව බරතළ අපහසුතාවන්ට ලක්ව සිටින බවද සිරිසේන මහතා කීය.

Exit mobile version