Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සත්ව ආහාරත් අත්‍යාවශ්‍ය ආහාර ලෙස නම් කරයි

සත්ත්ව ආහාර ද අත්‍යාවශ්‍ය ආහාර ලෙස ප්‍රකාශයට පත් කිරිමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

පශු සම්පත්, ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම පියවර ගැනීමට නියමිතය.

සත්ත්ව ආහාර මිල ඉහළයාම නිසා සත්ත්ව පාලනයේ නියුතු ගොවීන් බලවත් අපහසුතාවට පත්ව ඇති බවද සත්ත්ව ආහාර මිළ ඉහළයාම නිසා සත්ත්ව නිෂ්පාදනද ඉහළ යාමට පටන්ගෙන ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

Exit mobile version