Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ද්‍රවිඩ ප්‍රදේශවල අක්කර 10000 ක‍ ඉඩම් අවදානමේ – අගමැතිගෙන් ඍජුව ප්‍රශ්න කරයි

ද්‍රවිඩ ප්‍රදේශවල අක්කර 10 000 ක‍ ඉඩම් අවදානමේ - අගමැතිගෙන් ඍජුව ප්‍රශ්න කරයි

ද්‍රවිඩ ප්‍රදේශවල අක්කර 10 000 ක‍ ඉඩම් අවදානමේ - අගමැතිගෙන් ඍජුව ප්‍රශ්න කරයි

දෙමළ ජනතාවගේ ඉඩම් උදුරා ගනු ලබන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා පාර්ලිමේන්තුවේ දී (06) දින අදහස් ප්‍රකාශ කිරිමේ දී සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ,

වව්නියා සහ මුලතිව් දිස්ත්‍රික්කවල 2010ට පසු පදිංචි කළ ජනයා වෙනුවෙන් අක්කර 10, 148 ක ඉඩම් ලබා දීම සඳහා ආසන්න වශයෙන් අක්කර 6000ක‍ වනාන්තර පෙදෙසක් එළි පෙහෙළි කිරීමේ ක්‍රියා මාර්ග සිවිල් ඔය ව්‍යාපෘතිය තුළින් සිදු කරන ලදී.

දෙමළ ජනතාවගේ ඉඩම් උදුරා ගනු ලබයි. සිංහල ජනතාවට ඉඩම් ලබා දීම සඳහා වනාන්තර විනාශ කරනු ලබයි. එම නිසා අගමැතිතුමනි ඔබ තුමා මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි යැයි ඔහු අවධාරණය කර සිටියේය.

පාර්ලිමේන්තුවේ අසුන් ගෙන සිටි අගමැතිවරයා වෙත චාර්ල්ස් නිර්මලනාදන් මහතා විවිධ ප්‍රශ්න නැගූ බව වැඩි දුරටත් සඳහන් වේ.

Exit mobile version