Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අනුරාධපුරේ අක්කර ලක්ෂයක් කෝමාරිකා වගාව සදහා ආයෝජකයෙකුට

අනුරාධපුරේ අක්කර ලක්ෂයක් කෝමාරිකා වගාව සදහා ආයෝජකයෙකුට

අනුරාධපුරේ අක්කර ලක්ෂයක් කෝමාරිකා වගාව සදහා ආයෝජකයෙකුට

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර ලක්ෂයකට අධික ප්‍රමාණයක කෝමාරිකා ව්‍යපෘතියක් ක්‍රියාත්මක කිරීමට පෞද්ගලික ආයෝජකයෙකුට අවස්ථාව ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
කැබිනට් තීරණවල සඳහන් වන්නේ, අමෙරිකානු ඩොලර් මිලියන 783ක ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක වන ව්‍යපෘතියේ මූලික ආයෝජනය ලෙස ඩොලර් මිලියන 300ක් යෙදවීමට නියමිත බවය.

මෙම ව්‍යපෘතිය යටතේ කෝමාරිකා බීජ පැළ නිෂ්පාදනය කිරීම සඳහා රාජාංගණය හා නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අක්කර 2,000ක් ද කෝමාරිකා වගා කිරීම සඳහා තවත් අක්කර එක්ලක්ෂ දෙදහසක්ද යොදා ගැනීමට අපේක්ෂිතය.

ඒ සඳහා දීමනා පත්‍ර හා බලපත්‍ර මත ඉඩම් හිමි පවුල් සහ වගා කටයුතු සඳහා රජයේ ඉඩම් භුක්ති විඳින පවුල් ද සහභාගිකරවා ගැනීමට නියමිත බව කැබිනට් තීරණයේ සඳහන්ය.

මෙම ව්‍යපෘතියේ කර්මාන්ත ශාලාව සඳහා අක්කර 66කට ආසන්න ඉඩම් ප්‍රමාණයක් වසර 30 ක දීර්ඝ කාලීන බඳු පදනම මත ලබාදීමටද කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන යන මහත්වරුන් විසින් කෝමාරිකා ව්‍යපෘතිය පිළිබඳව යෝජනාව ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ලෙස ඉදිරිපත් කර ඇත.

Exit mobile version