Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

යාපනයේ ඉඩම් විදේශ සමාගම්වලට විකිණීමේ උත්සාහයක් – රාසමානික්කම් චානක්‍යන්

යාපනයේ ඉඩම් විදේශ සමාගම්වලට විකිණීමේ උත්සාහයක් - රාසමානික්කම් චානක්‍යන්

යාපනයේ ඉඩම් විදේශ සමාගම්වලට විකිණීමේ උත්සාහයක් - රාසමානික්කම් චානක්‍යන්

ත‍්‍රස්තවාදී මර්දන පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතාට ඇප ලබා දිය හැකි නම් මුහුණුපොතේ සටහන් පළ කළ වරදට අත්අඩංගුවට ගත් සාමාන්‍ය තරුණයන්ව නිදහස් කළ නොහැක්කේ මන්දැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් චානක්‍යන් මහතා ප්‍රශ්න කළේය.

ත්‍රස්තවාදී මර්දන පනත යටතේ වසර ගණනාවක් තිස්සේ රඳවා ගෙන සිටින අය සම්බන්ධව අවධානය යොමු කරන ශ්‍රී ලංකා රජය පසුගිය වසර තුළ අත්අඩංගුවට ගත් 100 කට අධික පිරිසක් නිදහස් කිරීමට පියවර ගත යුතු යැයි ඔහු පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වීමේ දී ප්‍රකාශ කළේය.

එමෙන්ම, ද්‍රවිඩ මාතෘ භූමි ප්‍රදේශය වන යාපනයේ ඇති ඉඩම් ද විදේශීය සමාගම්වලට විකුණා දැමීමට ගෝඨා – මහින්ද නායකත්වයෙන් ශ්‍රී ලංකා රජය උත්සාහ දරන බවට චෝදනා කර ඇත.

කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී අදහස් ප්‍රකාශ කළ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මේ බව හෙළි කළේය.

Exit mobile version