හම්බන්තොට තිස්සමහාරාමයේ වැවක් ප්‍රතිසංස්කරණය කිරීම සිදු කරන චීන නිලධාරීන් සම්බන්ධයෙන් මෙරට චීන තානාපති කාර්යාලය පැහැදිලි කිරීමක් සිදු කරමින් ට්විටර් පණිවුඩයක් තබා තිබේ.
(22) දිනයේදී සිරස ප්රවෘත්ති විකාශය මගින් විශේෂ වීඩියෝවක් විකාශය කරමින් කියා සිටියේ චීන හමුදාවන් අදින ආකාරයේ ඇදුම් ඇදගත් පිරිසක් මෙම ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරතව සිටින බවකි.
එහිදී මෙම සිදුවීම වාර්තා කර තිබූ සිරස මාධ්‍ය ජාලයට චීන තානාපති කාර්යාලය විසින් චෝදනාවක් එල්ල කර තිබුණු අතර එහිදි චීන තානාපති කාර්යාලය විසින් අදාළ මාධ්‍ය ආයතනයෙන් විමසා තිබුණේ තොරතුරු සත්‍යාපනය සහ කරුණු පරීක්ෂා කිරීම මාධ්‍යකරණයේ තිබිය යුතු අනිවාර්ය කරුණක් නොවන්නේද යන්නයි.
ඔවුන් එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ ක්ලික්බයිට් හෝ අසත්‍ය තොරතුරු මාධ්‍යයක විශ්වසනීයත්වයට හානිදායක විය හැකි බවයි.
එමෙන්ම වැව ප්‍රතිසංස්කරණය කිරීම හා සම්බන්ධව සිටි පිරිස හැදගෙන සිටින ආකාරයේ ඇඳුම් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමට දමා ඇති ආකාරය දැක්වෙන ඡායාරූපයක්ද චීන තානාපති කාර්යාල විසින් සිය පණිවිඩය හා සැබැඳිව වාර්තා කර තිබිණ.
නමුත් මෙම පිරිස හමුදා සාමාජිකයන්ද, නැතහොත් වැව ප්‍රතිසංස්කරණය කරන්නට පැමිණි කම්කරුවන්ද යන්න පිළිබඳව හෝ එම පිරිස පිළිබඳව කිසිම තොරතුරක් එම ට්විටර් සටහන තුළ පළ වී තිබුණේ නැත.
ඒ පිළිබඳව මෙරට ට්විටර් පරිශිලකයන් විසින් ද චීන නිල ට්විටර් ගිනුමේ ප්‍රශ්න කර තිබෙන ආකාරයද දැකගත හැකි විය.
@ChinaEmbSL Twitter person*:
News 1st never actually said that.
But we understand; No Twitter back home for you, because it's BLOCKED, so you get a little excited with all of this freedom in SL 😬
Enjoy our Freedom. But OBEY OUR LAWShttps://t.co/xADVPeoGdm— Newsfirst.lk Sri Lanka (@NewsfirstSL) June 23, 2021