Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අතුරුගිරිය-කැළනිය අධිවේගී මාර්ගය වසර 15කට සියලු ආදායම චීනයට – එජාපය තොරතුරු ඉල්ලයි!

එක්සත් ජාතික පක්ෂය 31වැනි දින, අතුරුගීරියේ සිට කැළනිය දක්වා වූ උඩින් දිවෙන මාර්ගයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවට අදාළව තොරතුරු දැන ගැනීමේ අයදුම්පතක් ඉදිරිපත් කරන ලදී.

මෙම මාර්ගය ඉදිකර පාවිච්චි කර පැවරීමේ ගීසුමක් යටතේ චීන සමාගමකට පැවැරීමට ඇමැති මණ්ඩලය පසුගියදා තීරණය කළේය. එම අධිවේගී මාර්ගය වසර 15ක් යන තුරු චීන ආන්ඩුවට සම්බන්ධ එම සමාගම විසින් පාලනය කරනු ඇති අතර ලංකාණ්ඩුවට එය බාරදෙනු ලබන්නේ ඉන් පසුවය. එම වසර 15ව තුළ සියලු ආදායම වීන සමාගමට හිමිවේ.

පක්ෂය නියෝජනය කරන නීතිඥවරයා පහත සඳහන් තොරතුරු ඉල්ලා ඇත.

1) ශ්‍රී ලංකා රජය සහ ඉදිකිරීම් සමාගම අතර ගිවිසුම.

2) තෝරාගත් ඉදිකිරීම් සමාගමට මෙම කොන්ත්‍රාත්තුව දීමට පෙර සඳහා ටෙන්ඩර් කැඳවීමක් කළේ නම් ඒ බව සඳහන් ඕනෑම ලේඛනයක්.

3) තෝරාගත් ඉදිකිරීම් සමාගමට මෙම ඉද්කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමක් සිදුවී ඇත්නම් ඒ සඳහා යොදාගත් තෝරා ගැනීමේ නිර්ණායක මොනවාද?

4) ඉදිකිරීම් අවසන් වූ පසු කොන්දේසි මොනවාද?

5) පළමු වසර 15 තුළ මෙම අධිවේගී මාර්ගයේ ගමනාගමනය නිරීක්ෂණය කරන්නේ කවුද?

6) පළමු වසර 15 අවසන් වූ වහාම එම අධිවේගී මාර්ගයෙන් ආදායම් එකතු කිරීමට ශ්‍රී ලංකා රජයට නීත්‍යානුකූල අයිතියක් තිබේද?

එමෙන්ම ශ්‍රී ලංකාවෙහි චීන ජාතික කම්කරුවෝ ලක්ෂ ගණනාවක් වෙති.

Exit mobile version