Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දියාව “රුසියානු – ස්පුට්නික් V” කොවිඩ්-19 එන්නතත් නිපදවයි

තවත් මිලියන 06ක “ස්පුට්නික් V” එන්නත ශ්‍රී ලංකාවට

තවත් මිලියන 06ක “ස්පුට්නික් V” එන්නත ශ්‍රී ලංකාවට

ඉන්දියානු ජෛව තාක්ෂණ සමාගමක් වන පැනසියා බයෝටෙක් ලිමිටඩ් කොවිඩ්-19 රෝගයට එරෙහි ස්පුටින්ක් වී එන්නත නිෂ්පාදනය ආරම්භ කර තිබේ.

එම එන්නතේ හිමිකාරිත්වය දරන්නේ රුසියානු සමාගමක් වන අතර ඉන්දියාවේ නිෂ්පාදිත ප්‍රථම සාම්පල තත්ව පරීක්ෂණය සඳහා යොමුකර ඇතැයි සදහන් වේ.

රුසියානු සෘජු ආයෝජන අරමුදල දැනට එරටට පමණක් පේටන්ට් අයිතිය හිමි ස්පුට්නික් වී එන්නත ඉන්දියාව තුළ නිෂ්පාදනයට අවසර දී තිබේ.

ඒ අනූව ඉන්දීය සමාගමක් විසින් නිෂ්පාදිත එන්නත් සාම්පල් මොස්කව්හි පිහිටි තත්ත්ව පාලන ආයතනය මගින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මහා පරිමාණයෙන් නිෂ්පාදනය ආරම්භ කිරීමට ඉන්දීය පැනසියා ආයතනය අපේක්ෂා කෙරේ.

රුසියානු සෘජු ආයෝජන අරමුදල සඳහන් කරන්නේ එම ආයතනය මගින් වසරකට ස්පුට්නික් වී එන්නත් මිලියන 100ක් නිපදවීමේ හැකියාව පවතින බවයි.

Exit mobile version