ශ්‍රී ලංකාව මේ වන විට රෝගීන් විසින් තමාගේ බේත් තීරණය කරන රටක් බවට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා.
(01) පැවති මාධ්‍ය හමුවක් අමතමින් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව අවශ්‍ය නැති බව සඳහන් කරමින් එන්නත් ලබා ගන්නන්ගෙන් අත්සන් ගැනීම සදාචාරවිරෝධී බවයි.
“එලෙස එන්නත් ලබා ගන්නන්ට තීරණය කරන්න බෑ දෙන එන්නත් මාත්‍රා ගාණ,ඒක කරන්නේ වෛද්‍යවරු. හැබැයි ලංකාවේ දේශපාලඥයෝ තමා දෙන එන්නත් මාත්‍රා ගාණ තීරණය කරන්නේ. මේ විදිහට ගියොත් ඉදිරියේදී දොස්තරලා නියම කරන බෙහෙත් ලෙඩුන්ගේ උවමනාවට හිතුමතේට වෙනස් කර ගනියි.
කොවිඩ් එන්නතත් බංග්ලාදේශයට වඩා වැඩි මිළක් දී මිළයට ගත්තා බංග්ලාදේශ රජය එය කෙලින්ම කියන්නේ නෑ නමුත් ඔවුන්ට චීන රජයෙන් යම් සහනයක් ලැබී ඇති බව පැහැදිළියි. පෙනෙන විදිහට ලංකාව එන්නතෙනුත් හොරා කාලා තියෙනවා. තවමත් ලංකාවේ සියයට දහයකට වත් එන්නත දීලා නෑ, තව ගොඩක් එන්නත් දෙන්ඩ තියෙනවා, ලංකාව ලෝකයේ එන්නත්කරණය අතින් ඉහළම සිටිය රට දැන් පහලටම ඇදලා දැම්මා.
දේශපාලනඥයෝ දොස්තරවරු වෙන්න යනවා ජර්මනියේ නායකයා කිව්වා දොස්තරලාගේ රාජකාරිය දොස්තරවරුන්ට බාර දුන්නා කියා අපේ රටේ එහෙම වෙන්නේ නෑ.” යැයි ඒ මහතා පවසනවා.