Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කව්ද මේ චීනයේ ජීවත් වන ශ‍්‍රී ලංකා කුමරිය? ‘කොළඹ වරාය නගරයේ ආදිපාදවරියද ?’ – මංගල සමරවීර චීනයෙන් අසයි

පසුගිය වෙසක් දිනයේ දී චීනයේ පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පවත්වන ලද වෙසක් දින සැමරුම සදහා, මේ වන විට චීනයේ ජීවත් වන ශ‍්‍රී ලංකා කුමරියක ද සහභාගී වූ බවට චීනයේ බෙල්ට් ඇන්ඞ් රෝඞ් වැඩසටහනට අදාල ට්වීටර් ගිණුමේ පණිවිඩයක් ලෙස තබා තිබුණි.

අදාල කුමරිය, කෝට්ටේ යුගයට අයත් හයවන පරාක‍්‍රමභාහු රජුට සම්බන්ධ බවද එම ට්වීටර් පණිවිඩයේ සදහන් විය.එම ට්වීටර් පණිවිඩය සදහා හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා සරදම්සහගත පිළිතුරක් ලබා දී තිබේ.

ශ‍්‍රී ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනරජයක් බවත්, ඔබ සදහන් කරන හිටපු අමාත්‍ය මංගල සමරවීර, ඒ කියන කුමරිය ඔබ වෙතම තබා ගන්නා ලෙස චීනයෙන් ඉල්ලා සිටියි. එමෙන්ම, චීනය ද 1949 දී සිදු කළ විප්ලවයෙන් රාජාණ්ඩු ක‍්‍රමය අවසන් කළ බවද මතක් කර දෙයි. එමෙන්ම, චීනය සොයාගත් මේ කුමරිය වරාය නගරයේ ආදිපාදවරිය බවට පත් කිරීම් සූදානමක් චීනයට තිබේද කියාත් විමසයි.

Exit mobile version