Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“අපේ එන්නත පෞද්ගලික වෙළඳපොළෙන් මිලදී නොගන්න” – ඇස්ට්‍රාසෙනෙකා සමාගම දන්වයි

ඇස්ට්‍රාසෙනෙකා එන්නත කිසිදු පෞද්ගලික වෙළෙන්දෙකුගෙන් හෝ සමාගමකින් මිලදී නොගන්න - ඇස්ට්‍රාසෙනෙකා සමාගම ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ සංස්ථාවට දන්වයි

ඇස්ට්‍රාසෙනෙකා එන්නත කිසිදු පෞද්ගලික වෙළෙන්දෙකුගෙන් හෝ සමාගමකින් මිලදී නොගන්න - ඇස්ට්‍රාසෙනෙකා සමාගම ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ සංස්ථාවට දන්වයි

ඇස්ට්‍රාසෙනෙකා එන්නත කිසිදු පෞද්ගලික වෙළෙන්දෙකුගෙන් හෝ සමාගමකින් මිලදී නොගන්නා ලෙස ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ සංස්ථාවට දැනුම් දීමට ඇස්ට්‍රාසෙනෙකා සමාගම පියවර ගෙන ඇත.

රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන වෙත ලිපියක් යොමු කරමින් ඒ බව දැනුම් දී ඇත්තේ ඇස්ට්‍රා සෙනෙකා ආයතනයේ ආසියා කලාපයේ රාජ්‍ය කටයුතු පිළිබඳ සහකාර අධ්‍යක්ෂක ජැස්පර් මේන්ස් විසිනි.

ඇස්ට්‍රා සෙනෙකා ආයතනය විසින් නිශ්පාදිත කොවිඩ් 19 එන්නත අලෙවි කිරීම සඳහා බොහෝ පෞද්ගලික වෙළදුන් සහ ආයතන ශ්‍රී ලංකා රජය වෙත යෝජනා ඉදිරිපත් කර ඇති බව තමන්ට දැනගන්නට ලැබී ඇති හෙයින් මෙම ලිපිය ඉදිරිපත් කරන බව ඔහු සදහන් කරයි.

පුද්ගලික අංශය එම එන්නත ලබා දෙන බවට කරන ප්‍රචාර සම්බන්ධයෙන් සමාගම අනතුරු ඇඟවීමක්ද කරයි. “ඇස්ට්‍රාසෙනෙකා නොවන, කවර හෝ වෙනත් වෙළඳ ආයතනයක් විසින්, පෞද්ගලික එන්නත් ලබා දීමට ඉදිරිපත් වන්නේ නම්, එය බොහෝ දුරට ව්‍යාජ එන්නතක් විය හැකි බැවින්, එවැනි අවස්ථාවකදී එම එන්නත ප්‍රතික්ෂේප කර අදාළ බලධාරීන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කළ යුතු” බව සිය ලිපිය මගින් ඔහු වැඩි දුරටත් අවධාරණය කර තිබේ.

එම ලිපියේ වැඩි දුරටත් සදහන්ව ඇත්තේ ලංකාවට ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දීම සඳහා නම් කර ඇත්තේ කොවැක්ස් ව්‍යාපෘතිය (COVAX), යුනිසෙෆ් (UNICEF) සහ ඉන්දියාවේ සේරම් ආයතනය (SII) පමණක් බවයි.

Exit mobile version