Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නිරෝධායනයට මුදල් නැති නිසා මෙරටට පැමිණීමට නොහැකිව සිටි විදෙස්ගත ශ්‍රමිකයින්ට සුබ ආරංචියක්

මාස 18කදී විදෙස්ගත ශ්‍රමිකයන් රු. කෝටි 240,000ක් එවයි

මාස 18කදී විදෙස්ගත ශ්‍රමිකයන් රු. කෝටි 240,000ක් එවයි

විදෙස්ගත ශ්‍රමිකයන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වියදමින් මෙරටට ගෙන්වීමට සහ නිරෝධායනය කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස් රැකියා සඳහා ගොස් නියමිත කාලය අවසන් කර ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රමිකයන්ට මෙහිදී ප්‍රමුඛත්වය ලබා දෙන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඒ අනුව, සෑම දිස්ත්‍රික්කයක ම හෝටලයක් හෝ නේවාසික පහසුකම් ඇති ස්ථානයක් කුලියට ගෙන නිරෝධායන මධ්‍යස්ථානයක් බැගින් පිහිටුවීමට කටයුතු යොදා ඇති අතර එහි පළමු පියවර ලෙස නිරෝධායන මධ්‍යස්ථාන 8ක් සති 2ක් ඇතුළත ආරම්භ කරන බව ද අමාත්‍යවරයා පැවසීය.
එලෙස නව නිරෝධායන මධ්‍යස්ථාන සඳහා තෝරාගනු ලැබූ ගොඩනැගිලි ලැයිස්තුව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත මේ වන විට යොමු කර ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Exit mobile version