Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හම්බන්තොට,වල්සපුගල මාරාන්තික උපවාසය අවසන්; සත්‍යග්‍රහය දිගටම

මත්තල වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරයි: ගොවීන් තවමත් සත්‍යග්‍රහයේ

මත්තල වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරයි: ගොවීන් තවමත් සත්‍යග්‍රහයේ

වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයා හරහා විරෝධතාකරුවන්ට සිය ඉල්ලීම වූ අදාළ ගැසට් පත්‍රය මසක් ඇතුළත නිකුත් කරන බවට (10) ලබාදුන් ලිඛිත පොරොන්දුව මත මාරාන්තික උපවාසය නතර කර දින 50කට වැඩි කාලයක් පවත්වාගෙන ආ සත්‍යග්‍රහය දිගටම පවත්වා ගෙන යාමට ගොවි ජනතාව (11) තීරණය කළහ.

ඒ අනුව අදාල මාරාන්තික උපවාසයේ නිතරව සිටි ගොවීන් පිරිස රෝහල් ගත කර තිබේ.

වළව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය ඇතුළු ගොවි සංවිධාන 86ක නිලධාරීන් විසින් ආරම්භ කළ සත්‍යග්‍රහය තවදුරටත් ක්‍රියාත්මක වේ.

මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීම පමා කිරීම පදනම් කර ගෙන පසුගියදා ගොවින් මාරාන්තික උපවාසයක් ආරම්භ කළ අතර එයටද ආණ්ඩුව නිසි ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් (10) අම්බලන්තොටදී දැවැන්ත විරෝධතා රැලියක් පවත්වන ලදී. පසුව ඔවුන් දිස්ත්‍රික් ලේකම්වරයා හමුවී මේ සම්බන්දයෙන් සාකච්ඡාවක්ද සිදු කළ අතර එහිදී වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දිස්ත්‍රික් ලේකම්වරයා මගින් ලබා දුන් ලිඛිත පොරොන්දුවකින් කියැවුනේ මාසයක් ඇතුළත මෙම ගැසට් පත්‍රය නිකුත් කරන බවය.

ඒ අනුව එය පිළිගනිමින් ගොවීහු මාරාන්තික උපවාසය අවසන් කළ අතර එහෙත් සත්‍යග්‍රහය දිගටම පැවැත්වෙන්නේ අදාළ ගැසට් පත්‍රය නිකුත් කරන තුරුය.

Exit mobile version