Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට; නිර්දේශ බලරහිත කරන්නයි රිට් පෙත්සමක්

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට; නිර්දේශ බලරහිත කරන්නයි රිට් පෙත්සමක්

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට; නිර්දේශ බලරහිත කරන්නයි රිට් පෙත්සමක්

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

2015 ජනවාරි මස 08වැනි දිනෙන් ආරම්භ වී 2019 නොවැම්බර් මස 16වැනි දිනෙන් අවසන් වූ කාලසීමාව තුළ නිලතල දැරූ රජයේ නිලධාරීන්, රාජ්‍ය සංස්ථාවල සේවකයින්, සන්නද්ධ හමුදාවන්හි සහ පොලිස් සේවයෙහි සාමාජිකයින්ට සිදුවී ඇතැයි කියන දේශපාලනමය පළිගැනීම් පිළිබඳව පරීක්ෂාකර තොරතුරු ලබාගැනීම සඳහා වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාවේ පළමුවැනි දෙවැනි හා තෙවැනි වෙළුම් (09) පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණි.

ඉකුත් ආණ්ඩුව සමයේ දූෂණ විරෝධී කමිටුව සහ එහි ලේකම් කාර්යාලය මගින් සිදුකළ පොදු දේපල අවභාවිතයට වගකිව යුතු පුද්ගලයින් 22ක් එහි සඳහන් කර තිබේ.

එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් ෆොන්සේකා, ආර්. සම්බන්ධන්, එම්. ඒ. සුමන්තිරන්, අනුර කුමාර දිසානායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයම්පති වික්‍රමරත්න, මලික් සමරවික්‍රම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ද ඒ අතර වෙයි.

ජනාධිපති කොමිසමේ නිර්දේශ බලරහිත කරන්නයි රිට් පෙත්සමක්

මේ අතර දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අභියාචනාධිකරණය හමුවේ (09) රිට් පෙත්සමක් ගොනු කළේය.

මෙම කොමිසම සිය විමර්ශන සිදුකළ ආකාරය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි යැයි පෙන්වා දෙන සරත් ෆොන්සේකා මහතා තමන්ට පැවරී ඇති බලතල ඉක්මවා ඔවුන් ක්‍රියාකර ඇතැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සිය රිට් පෙත්සමින් පෙන්වා දේ.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, සාමාජිකයින් වන චන්ද්‍රසිරි ජයතිලක හා චන්ද්‍රා ප්‍රනාන්දු, එම කොමිසමේ ලේකම් හා නීතිපතිවරයා ලෙස නම් කරනු ලැබ ඇත.

Exit mobile version