Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රටින් ගෙනා අර්තාපල් බීජ Kg 225,000ක් විනාශ කරයි

රටින් ගෙනා අර්තාපල් බීජ Kg 225,000ක් විනාශ කරයි

රටින් ගෙනා අර්තාපල් බීජ Kg 225,000ක් විනාශ කරයි

මෙරට වගා කිරීමට නොසුදුසු බීජ අර්තාපල් අල කිලෝ 225,000ක් ශාක නිරෝධායන නීතියට අනුව විනාශ කිරීම (23) දඹුල්ල මහ නගර සභාවේ දිගම්පතහ කසළ අංගණයේ දී සිදු කෙරිණි.

මේ අර්තාපල් තොගය දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාගේ සහ සෞඛ්‍ය අංශවල සෘජු අධීක්ෂණය යටතේ ශාක නිරෝධායන ආයතනයේ නිලධාරීන් බීජ තොගය ගෙන් වූ ව්‍යාපාරික සමාගම, වරාය අධිකාරියේ රේගු නිලධාරීන් නැව් සමාගමේ නිලධාරීන් ඉදිරියේ මේ අර්තාපල් බීජ තොගය විනාශ කෙරිණි.

ජර්මනියේ සිට මෙරටට ගෙන්වා තිබූ කන්ටේනර් දහසයක් වූ බහාලුම්වල තිබුණු බීජ අර්තාපල් ටොන් 223ක ප්‍රමාණයක් මෙරටදී පරීක්ෂා කිරීමේදී ශාක නිරෝධායන නිලධාරීන් විසින් නිර්දේශ කොට ඇත්තේ මේ අර්තාපල් බීජ මෙරට වගා බිම්වල වගා කිරීම සඳහා අනුමත කිරීමට නොහැකි බවත් ප්‍රමාණයට වඩා දිලීර රැසක් පවතින බවත් අනාවරණය වීම හේතුවෙන් මේවා සියල්ල විනාශ කිරීමට නිලධාරීන් තීරණය කොට තිබේ.

ඒ අනුව කොළඹ වරායේ සිට කන්ටේනර් රථ දහසයකින් මේ බීජ අර්තාපල් අල දඹුල්ල මහ නගර සභාවේ පවත්වාගෙන යන කාබනික කසළ අංගණයට රැගෙනවිත් දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මහතාගේ අධීක්ෂණය යටතේ වළවල් කපා කම්කරුවන් යොදා විනාශ කෙරිණි.

ජර්මනියේ සිට මෙරටට බීජ අර්තාපල් අල ගෙන්වා තිබූ ඇසුරුම් ගිනි තබා සම්පූර්ණයෙන්ම විනාශ කිරීම මෙහිදී සිදු කරනු ලැබීය.

දඹුල්ලේ පිහිටා ඇති කසළ අංගණය මේ සඳහා යොදාගෙන ඇත්තේ එහි කෙරෙන ක්‍රියාවලිය ඉතා සාර්ථකව සිදු කෙරෙන නිසාවෙන් බවත් සියයට සියයක් විනිවිදභාවයක් ඇතිව කටයුතු කිරීම නිසාවෙන් බවද එම විශ්වාසය ඒ ආකාරයෙන්ම තබා මෙරටට නුසුදුසු බව කියූ බීජ අර්තාපල් සියල්ල විනාශ කර දැමීමට හැකි වූ බව නගරාධිපතිවරයා සඳහන් කළේය.

Exit mobile version