Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

P2P රැළියට සහභාගීවූවන් සිරගත කර වාහන ද රාජසන්තක කරන බව සරත් වීරසේකර තර්ජනය කරයි

P2P රැළියට සහභාගීවූවන් සිරගත කර වාහන ද රාජසන්තක කරන බව සරත් වීරසේකර තර්ජනය කරයි

P2P රැළියට සහභාගීවූවන් සිරගත කර වාහන ද රාජසන්තක කරන බව සරත් වීරසේකර තර්ජනය කරයි

පොතුවිල් සිට පොලිකණ්ඩිය දක්වා රැළියට සහභාගී වූවන්ට එරෙහිව නඩු පවරන බවත් විරෝධතා කරුවන්ගේ වාහන රාජසන්තක කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා, පෞද්ගලික මාධ්‍යයකට අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.

මෙවැනි විරෝධතා සහ පෙළපාලි පිළිබඳව අපට කලින්ම බුද්ධි තොරතුරු ලැබුනු අතර ඒ අනුව අපට අධිකරණ වාරණ ලැබී තිබුණි.

සුමන්දිරන්, ගජේන්ද්‍ර කුමාර් වැනි අයට අවශ්‍ය වුනේ විරෝධතාකරුවන්ට කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඔවුන් අත් අඩංගුවට ගැනීමයි. ඒනිසා අපි ඉවසීමේන් හැසිරුනෙමු. කෙසේ වෙතත් අධිකරණ නියෝග දැනටමත් ලැබී ඇති බැවින් විරෝධතා කරුවන්ගේ සහ ඔවුන්ගේ වාහනවල ඡායාරූප අප සතුව තිබෙනවා. මෙම අයට එරෙහිව අපි නීතිමය පියවර ගන්නවා.

මෙම රැළිය ගැන කිසිවෙක් බිය විය යුතු නැහැ. මේ පිළිබඳව අපි ඉදිරි දිනවල නඩු පැවරීමට කටයුතු කරනවා. ඊට අමතරව සුමන්දිරන්ට එරෙහිව පියවර ගන්නවා. තවද මේ නිසා අපි ඔහුට ලබා දුන් විශේෂ කාර්ය සාධක බලකාය ඉවත් කර ගන්නවා.

-තමිළ්වින්

Exit mobile version