Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඇමරිකානු තානාපතිනිය ජැටිය ඉන්දියාවට දීම අත්‍යාවශ්‍ය බව කියයි

ඇමරිකානු තානාපතිනිය උතුරු පලාතේ දෙදින සංචාරයක, දෙමළ දේශපාලඥයින් හමුවීමට නියමිතයි

ඇමරිකානු තානාපතිනිය උතුරු පලාතේ දෙදින සංචාරයක, දෙමළ දේශපාලඥයින් හමුවීමට නියමිතයි

කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ සංවර්ධනය සඳහා ඉන්දියානු සමාගමක් සම්බන්ධ වීම ශ්‍රී ලංකාවේ සමුද්‍රීය අනාගතය සඳහා අත්‍යවශ්‍ය කාරණයක් වන බව ඇමරිකා එක්සත් ජනපද ශ්‍රී ලංකා තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස් කියා සිටී.

මේ සඳහා ඉන්දියානු සමාගමක් සම්බන්ධ වීම තුළින් ශ්‍රී ලංකාවට වැදගත් ආර්ථික සංවර්ධනයක් අත්පත්කරගත හැකි වනු ඇති බවත් චීනය, ශ්‍රී ලංකාවේ සබඳතා ගැන සැලකිලිමත් වන තාක්කල් එක්සත් ජනපදය, රටවල් අතර හවුල්කාරිත්වය විවෘත, විනිවිද පෙනෙන සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක විය යුතු බව පෙන්වා දෙන බවත් ඇමරිකානු තානාපතිනිය සඳහන් කර ඇත.

හම්බන්තොට වරාය චීනයට බදු දීමත් සමග, වරාය පෙනෙන මානයෙ හදිසියේම ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ශාඛාවක් විවෘත කළ අතර, බහුතර ඉඩම් ප්‍රමාණයක් චීනයට හිමි කොළඹ වරාය නගරය (port city) විවෘත වීමට ආසන්නයේ, එය පෙනෙන මානයේ ඇති කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා දීමට ඇමරිකාව උත්සාහ කරයි.

ඉන්දියානු රෝ ඔත්තු සේවය සහ ඇමරිකාවේ ClA ඔත්තු සේවය අතර සහයෝගිතා ගිවිසුම් ඇති බව ද සාමාන්‍යයෙන් තමන්ගේ රටින් පිට වැදගත් මර්මස්ථානයන් වල ව්‍යාපාර ආයතන, මාධ්‍ය ආයතන සහ විදේශ දූත මෙහෙවර කාර්යාලයන් යන මුවාවෙන් මෙම ඔත්තු ආයතන ක්‍රියාත්මක වීම රහසක් නොවේ.

Exit mobile version