Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කෑගල්ලේ ධම්මික පැණිය ජනතාවට බෙදා හැරීම වහා වළකනු! – GMOA

කෑගල්ලේ ධම්මික පැණිය ජනතාවට බෙදා හැරීම වහා වළකනු! - GMOA

කෑගල්ලේ ධම්මික පැණිය ජනතාවට බෙදා හැරීම වහා වළකනු! - GMOA

දේශීය කොවිඩ් මර්දන ඖෂධයක් වශයෙන් හඳුන්වන ආයුර්වේද ඖෂධ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බව ප්‍රකාශ කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුව පවා ඒ පිළිබඳව පිළිතුරු දීමට අපොහොසත් වී ඇත.

කෑගල්ල ධම්මික නැමැත්තා විසින් නිෂ්පාදනය කරන ලද පැණිය ඖෂධයක් ලෙස පිළිගෙන නොතිබුණද මහජනතාවට එය බෙදා හැරීම පිළිගත නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය. 22 වන සිකුරාදා දින කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කළ ඔහු,

කෑගල්ලේ සිටින ධම්මික යනුවෙන් හැඳින්වෙන පුද්ගලයා සහ තවත් වෛද්‍යවරු නිෂ්පාදනය කළ ඖෂධ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුව තිබේ.

මොවුන් විසින් නිෂ්පාදනය කරන ලද ආයුර්වේද ඖෂධ පර්යේෂණයට ලක් කර ඇති හෙයින් තීරණය ලැබෙන තුරු එ්වා බෙදා හැරීමට නොහැකි බව ප්‍රකාශ කර ඇත. එසේ වුවත් රහසිගත ක්‍රමයකට වෙළඳපොලේ මේ වන විට ජනතාවට ලබා දෙමින් සිටී. මෙවැනි ක්‍රියා අනුමත කිරීමට නොහැකිය. කෑගල්ලේ දිස්ත්‍රික් ලේකම්වරයා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුයි. තීරණය කුමක්වේදැයි අප නොදිනිමු.

අඩු තරමින් පරීක්ෂණය කොයි ආකාරයට ඊළඟ පියවරට යයි දැයි නොදනිමු. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති තාක්ෂණික කමිටු රැස්වීමේදී පවා අප මේ පිළිබඳව විමසූ අවස්ථාවේදී කිසිඳු කෙනෙක් එයට පිළිතුරු ලබා නොදුන්හ.

තාක්ෂණික කමිටුවේ සිටින කිසිඳු කෙනෙක් මේ සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් ලබා නොදුණි. අනුරාධපුරයේ පර්යේෂණ සිදු කරමින් තිබියදී එ්වා කෙසේ සිදුවන්නේ ද , තීන්දු අැයි ප්‍රමාද වන්නේ යන්නේද පිළිබඳව පවා අපිව දැනුවත් කර නැත.

පර්යේෂණ කමිටුවේ අතුරු වාර්තාව පවා මේ දක්වා ඉදිරිපත් කර නැත. නමුත් පර්යේෂණ ආරම්භ කර මසක් සම්පූර්ණ වී තිබේ.

මෙය ඖෂධයක් ලෙස හඳුන්වා දී නැති අවස්ථාවක පවා බෙදා හැරීම පිළිබඳ එකඟ වීමට නොහැක. එහෙයින් මේ පිළිබඳව වහාම පියවර ගත යුතුයි.

මෙය දේශීයත්වය හෝ ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ගැටලුවක් නොවේ. ඊටත් එහා ගිය නොයෙකුත් ගැටළු ඇත. මෙවැනි ක්‍රියාවලින් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහජනතාව තුළ විශ්වාසය පළුදු වුවහොත් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම මේ පිටුපස සිටින අය භාර ගත යුතුයි.

Exit mobile version