Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජිනීවාහි ලංකාවට එරෙහිව තීරණ කිහිපයක්? සාමාජික රටවල් සමග හැකි ඉක්මනට සාකච්ඡා – සුමන්දිරන්

ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවක්, ත්‍රස්තවාදී ලේබලය ඇලවිය හැකි යෝජිත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත

ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවක්, ත්‍රස්තවාදී ලේබලය ඇලවිය හැකි යෝජිත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සමුළුවෙහි ශ්‍රී ලංකාවට එරෙහි තීරණ එකකට වඩා ගෙන එමින් සම්මත කරනවාද? නැතහොත් එකම තීරණයක් මගින් සම්මත කර ගන්නවාද? යන්න පිළිබඳව සාමාජික රටවල් සමග හැකි ඉක්මනට සාකච්ඡා කිරීමට නියමිත බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක යාපනය දිස්ත්‍රික් පාර්ලිාම්න්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් ප්‍රකාශ කර සිටියේය.

ඔහු තවදුරටත් අදහස් දක්වමින්,

මෙම තත්වය උඩ අපි ශ්‍රී ලංකාවේ වගවීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් නැවත ගෙන එක්සත් ජාතීන්ගේ මහලේකම්ට යවන ලෙස ඉල්ලා සිටියෙමු. මෙය ඉතා වැදගත් දෙයක්. එබැවින් ශ්‍රී ලංකාව මත මානව හිමිකම් කවුන්සිලයේ තීරණය වෙනම ද, වගවීම සම්බන්ධ කාරණය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් නැවත ගෙන මහලේකම්ට යවන තීරණය වෙනම තීරණයක් ලෙස ද සම්මත කරනවා ද? නැතහොත් දෙකම, එකම තීරණයක් ලෙස සම්මත කරනවා ද? යන්න පිළිබඳව තීීරණයක් ගත යුතුව ඇත.

මෙම කාරණය සම්බන්ධ තීරණ ගෙන ඒමට නියමිත බ්‍රිතාන්‍ය සහ කැනඩාව ඇතුළු සම අනුග්‍රහය දක්වන රටවල් සහ එයට පක්ෂවීමට නියමිත සාමාජික රටවල් සමග සාකච්ඡා කළ යුතුව ඇත. පසුගිය කාලවල ජනවාරි අග නැතහොත් පෙබරවාරි මුල ජිනීවා ගොස් මෙම කාර්යවල නියැලීම සාමාන්‍ය දෙයක්. නමුත් මෙම වතාවේ මාර්ග ගත ක්‍රමයට මෙම කාර්යයන් සිදු කිරීමට සිදුවෙලා තියෙනවා.

එවගේම කෙටුම්පත සමිපාදනය කරන කණ්ඩායම සමගද සාකච්ඡා කිරීමට නියමිතයි. කෙටුම්පත් සම්පාදනය කරන කණ්ඩායමේ අපේ නියෝජිතයෙක් නියෝජනය කරන අතර එයද මාර්ගගත ක්‍රමයට සිදුකිරීමට නියමිතයි.මීට අමතරව ලංකාවේ සිටින සාමාජික රටවල්වල තානාපති කාර්යාලවලින් තමා සම්බන්ධ කර ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව ඔහු පවසා සිටියේය.
-වීරකේසරි

Exit mobile version