Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

Oxford-AstraZeneca එන්නතෙහි ඉන්දීය නිෂ්පාදනය වන Covishield එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අවසර

Oxford-AstraZeneca එන්නතෙහි ඉන්දීය නිෂ්පාදනය වන Covishield එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අවසර

Oxford-AstraZeneca එන්නතෙහි ඉන්දීය නිෂ්පාදනය වන Covishield එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අවසර

ඉන්දියාවේ නිෂ්පාදිත කොවිඩ්-19 සඳහා වන Covishield එන්නත මෙරට හදිසි භාවිතයට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නියාමන අනුමැතිය හිමිව තිබේ.
Covishield එන්නත, එංගලන්තයේදී වැඩි දියුණු කෙරුණු Oxford-AstraZeneca එන්නතෙහි ඉන්දීය නිෂ්පාදනය වේ. ඉන්දියාවේ නිෂ්පාදිත කොවිඩ්-19 එන්නතෙහි පළමු සැපයුම භූතානය, මාලදිවයින, බංගලාදේශය, නේපාලය, මියන්මාරය සහ සීෂෙල්ස් වෙත බෙදා හැරීම පසුගිය දා සිදු කෙරිණි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ ස්වාධීන තාක්ෂණික කමිටු මහින් මෙරටට ගෙන්වන එන්නත්වල තාක්ෂණික තීරණය වහාම ප්‍රකාශයට පත්කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

කුමන එන්නතක් මෙරටට ගෙන්වුව ද එය ඖෂධ නියාමන අධිකාරීය තුළ ලියාපදිංචි කිරීමේ කටයුතු වඩා වැඩි කාර්යක්ෂමතාවයකින් සිදුවිය යුතු බව නිවේදනයක් නිකුත් කරමින් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කළේ ය.

මෙරටට එන්නත ලබා දීමේදී සෞඛ්‍ය වෘත්තිකයින් පිළිබඳ විශේෂ අවධානය යොමු වීමේ වැදගත් බව මේ වන විට සනාථ වී ඇති බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉන් පෙන්වා දී තිබේ.

Exit mobile version