Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වෛරසය සම්බන්ධයෙන් විශේෂඥයාගේ මතය සෞඛ්‍ය අමාත්‍යවරිය ප්‍රතික්ෂේප කළා

වෛරසය සම්බන්ධයෙන් විශේෂඥයාගේ මතය සෞඛ්‍ය අමාත්‍යවරිය ප්‍රතික්ෂේප කළා

වෛරසය සම්බන්ධයෙන් විශේෂඥයාගේ මතය සෞඛ්‍ය අමාත්‍යවරිය ප්‍රතික්ෂේප කළා

ප්‍රජා මට්ටමින් කොරෝනා පැතිරීමේ අවදානමක් ඇති බවට තමා කළ අදහස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රතික්ෂේප කළ අතර, එවැනි දෙයක් නොමැති බවත් පැවසු බව වෛරසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතරණ මහතා මේ බව ප්‍රකාශ කළේය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ සමාජවාදී ජනතා පක්ෂය විසින් අද පැවත්වූ මාධ්‍ය හමුවකදීය.

ඔහු තවදුරටත් අදහස් දක්වමින්,
කොරෝනා වෛරසය සම්බන්ධ එන්නත්වලට කිසිදු සහතිකයක් නැහැ. එබැවින් එන්නත් ලබා ගැනීම සඳහා වැය කරන මුදල් සෞඛ්‍ය අධ්‍යාපනය සඳහා වැය කළ යුතු අතර රට පුරා ජනතාව අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතුය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ සමාජවාදී ජනතා පක්ෂය විසින් අද පැවති මාධ්‍ය හමුවකදීය.
කොරෝනා වෛරස් ආසාදනය රට තුළ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. නමුත් වෛරසය පිළිබඳ විශේෂඥයෙකු වශයෙන් රජය මේ පිළිබඳව කිසිදු සාකච්ඡාවකට මට ආරාධනා කළේ නැත. මම සෞඛ්‍ය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේ සාමාජිකයෙක් ද වෙමි.

කොවිඩ් නිසා මැරෙණ අය භූමදානය කිරීම මගින් කල්ගතවෙත්ම එම සිරුරු පස් සමග එක් වී කොරෝනා වෛරසය ජලය සමග එක්වේ යන අනිසි බය ජනතාව තුළ ඇති වෙලා තියෙනවා. සාමාන්‍ය යෙන් වෛරස ජලයෙන් ව්‍යාප්ත වෙන්නේ නෑ. වෛරසය ජීවත්ව සිටින මිනිසාගේ නාසය සහ මුඛ කුහරය ඔස්සේ ශ්වසන පද්ධතියට පැතිර යන එකක්. හැර වෙන කිසිදු තැනක එය ස්ථිරව රැදෙන්නේ නෑ.

පොකුරු ක්‍රමයේ සිට ප්‍රජා මට්ටම දක්වා ව්‍යාප්ත වීමේ අවදානමක් පවතී. එය පාලනය කිරීම සඳහා නිසි සනීපාරක්ෂක පිළිවෙත් ජනතාව අතර ස්ථාපිත කළ යුතු බවත් කොවිඩ් පාලනය කිරීමට තවත් වසර 5 ක්වත් ගතවනු ඇති බවත් ඔහු සඳහන් කර සිටියේය.

Exit mobile version