Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නැගෙනහිර ජැටිය නිසා අපට ඉන්දියාව තරහා කරගන්න බෑ – රෝහිත අබේගුණවර්ධන

රු ලක්ෂ 412ක් වටිනා වත්කම් සම්බන්ද නඩුවෙන් රෝහිත නිදහස් : අල්ලස් කොමිසම නඩුව ගෙනයන්න බෑ කියයි

රු ලක්ෂ 412ක් වටිනා වත්කම් සම්බන්ද නඩුවෙන් රෝහිත නිදහස් : අල්ලස් කොමිසම නඩුව ගෙනයන්න බෑ කියයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳ ගැටළුවේදී රජය අපේ විදෙස් වෙළඳ ගනුදෙනු සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳවත් සැලකිලිමත් විය යුතු බවත් විශේෂයෙන්ම ඉන්දියාව තරහා කරගැනීමට තමන්ට නොහැකි බවත් වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

“මා විසින් පත්කරන ලද කමිටුව අධ්‍යනය කරගෙන යනවා මොකක්ද ඉස්සරහට කරන්න යන වැඩපිළිවෙල. අපි අමතක නොකළ යුතුයි අපි කරන්නෙ ප්‍රතිඅපනයන ව්‍යාපාරයක්. ප්‍රතිඅපනයනයේ අපි 66%ක් ගනුදෙනු කරන්නේ ඉන්දියාව එක්ක. 9.50%ක් අපි කරන්නෙ බංග්ලාදේශයත් එක්ක. එහෙම නම් මේ අනෙකුත් රටවල් එක්ක තියෙන අපේ වෙළඳ ගනුදෙනු ජාත්‍යන්තර සබඳතා අපි ආරක්ෂා කරගන්න ඕනෙ.

ඒ නිසා අපි බලන්න වෙනවා මේ පර්යන්තය මාස 18ක් ඇතුළත හදලා ඉවර කරන්න වෙනවා, ඒ පැත්තෙන් බටහිර පර්යන්තය මේ අවුරුද්දෙම ආරම්භ කරන්න ඕනෙ. එහෙම නැත්නම් නැව් සමාගම් අපෙන් ගිළිහී යන්න පුළුවන් ඔය කියන තරගෙදි.

විශේෂයෙන් අල්ලපු රට ඉන්දියාව. ඒ ඉන්දියාවත් එක්ක තරහා වෙලා අර අර ගමක ඉන්න මයිකල් අයියයි සිරිපාල අයියයි රණඩුවෙනවා වගේ ගහලා එළවන්න පුළුවන්කමක් අපට නෑ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාධ්‍ය හමුවක් අමතමිනි.
-LNW

Exit mobile version