Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අධිශීතකරණවල තිබූ මළසිරුරුවල කොරෝනා වෛරස් සජීවී නැහැ – වෛරස් ගැන PHD එකක් තියෙන මහාචාර්ය තිස්ස විතාරණ

ඉදිරියේදී තවත් සැර කොරෝනා එන්න පුළුවන්; අලුතින් එන්නත් නිපදවීමට සිදු වනු ඇත - මහාචාර්ය තිස්ස විතාරණ

ඉදිරියේදී තවත් සැර කොරෝනා එන්න පුළුවන්; අලුතින් එන්නත් නිපදවීමට සිදු වනු ඇත - මහාචාර්ය තිස්ස විතාරණ

අධිශීතකරණයක් තුළ සති කිහිපයක් තැවූ කොරෝනා ආසාදිත මළසිරුරකින් ගත් සාම්පල පරීක්ෂා කරදිදී කොවිඩ් වෛරසය මෘත ශරීර කොටස්වල තිබිය හැකි මුත් ඒවා ජීවී තත්වයේ නැතැයි පොහොට්ටු මන්ත්‍රී කොළඹ වෛද්‍ය පර්යේෂණායතයේ හිටපු අධ්‍යක්ෂවරයකු මෙන්ම එම වෛද්‍ය පර්යේෂණායතනයේ වෛරසවේද අංශයේ පළමු ශ්‍රි ලාංකික ප්‍රධානියාද වන මහාචාර්ය තිස්ස විතාරණ සඳහන් කරයි.

මහාචාර්ය තිස්ස විතාරණ මහතා ලන්ඩන් විශ්ව විද්‍යාලයේ වෛරස් පිළිබඳ ආචාර්ය උපාධියක් කර ඇති අතර, ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් පිළිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස අවුරුදු දහ අටක් ද, එයින් අවුරුදු නවයක් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ද ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත.

කොවිඩ් – 19 වෛරසය ශරීරගතවූවෙකුගෙන් නිරෝගී අයෙකුට වෛසරය බෝවීමටනම් ජීවි වෛරස් සැලකිය යුතු ප්‍රමාණයක් හුවමාරු විය යුතු බවද මහාචාර්යවරයා පෙන්වා දෙයි.

මියගිය කොවිඩ් ආසාදිතයෙකුගේ සිරුර තුළ පැය කිහිපයක් එම ජීවී වෛරස කොටස් තිබිය හැකි නමුත් මිහිදන් කළ පසු ජලය සමග මුසු වී වෛරසය පැතිර යන බව විද්‍යාත්මකව තවමත් තහවුරු කර නැතැයිද මහාචාර්ය තිස්ස විතාරන පෙන්වා දෙයි.

එම නිසා මෘතදේහයක පවතින කොවිඩ් වෛරස් කොයස් පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නැතැයිද ඒ මහතා පෙන්වා දෙයි.

Exit mobile version