Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පත් කල විශේෂ නියෝජිතයින් 7 දෙනෙකු අතරට ශ්‍රී ලංකා වෛද්‍යවරයෙක්

කොරෝනා සිරුරු භූමදානය කළාට ප්‍රශ්නයක් නෑ - විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන්

කොරෝනා සිරුරු භූමදානය කළාට ප්‍රශ්නයක් නෑ - විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන්

කොරෝනා වෛරසය පිළිබඳව ලෝකයේ විවිධ ප්‍රදේශවල උපාය මාර්ගික උපදෙස්, ඉහළ මට්ටමේ දේශපාලන උපදේශන සහ ක්‍රියාකාරකම් ලබා දීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රොස් ඇඩනොම් විසින් විශේෂ නියෝජිතයින් 7 දෙනෙකු නම් කරනු ලැබ තිබේ.

ඊට මෙරට වෛද්‍යවරයෙකු වන පාලිත අබේකෝන් මහතා ද නම් කර ඇත.

මේ පිළිබඳව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ටෙඩ්රොස් ඇඩනොම් ප්‍රකාශ කර තිබුණේ, කොවිඩ්-19 සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ නියෝජිතයෙකු ලෙස වෛද්‍ය පාලිත අබේකෝන් මහතා සතුටින් පිළිගන්නා බවය.

Exit mobile version