Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ කොටි සංවිධානයේ මල පිපෙයි

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ කොටි මල පිපෙයි

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ කොටි මල පිපෙයි

ප‍්‍රථම වරට ලන්ඩන් නුවර බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව කොටි සංවිධානයේ කර්තිගයිපූ (නියඟලා මල) නමැති නිල පුෂ්පය ආලෝකමත් කිරීමට බි‍්‍රතාන්‍ය රජය අවසර දී ඇත. ‘We Remember’ සහ  ‘We Remember The Heroes Who Fought For Freedom From Sri Lankan State Genocide’ (ශී‍්‍ර ලංකා රජයේ සමූල ඝාතනයට ගොදුරු වූ අපේ විරුවන් සමරන්නෙ) යනුවෙන් දැක්වෙන වැකියක් එම නිල පුෂ්පය යටින් දිස් වී ඇත.

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව නියෝන් ආලෝක ධාරාවලින් ආලෝක කළේ මියගිය කොටි සැමරීමේ මහා වීර්නාල් සඳහා බව කොටි ඩයස්පෝරාව ප‍්‍රකාශ කර තිබේ.

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු ඉතිහාසයේ මින් පෙර මෙවැන්නක් සිදු වී නැත.

බි‍්‍රතාන්‍යයේ තුළ කොටි සංවිධානය තහනම් වුවත් කොටි නිල පුෂ්පය ආලෝකමත් කර කොටි සැමරුම අනුස්මරණ කිරීමට බි‍්‍රතාන්‍ය රජය ඉඩදී තිබේ.

Exit mobile version