Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ලේසර් තාක්ෂණය මගින් ශල්‍යකර්ම !

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ලේසර් තාක්ෂණය මගින් ශල්‍යකර්ම

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ලේසර් තාක්ෂණය මගින් ශල්‍යකර්ම

ශ්‍රී ලංකාවේ ප්‍රථමවතාවට කළුතර දිස්ත්‍රික්කයේ නාගොඩ මහ රෝහලේදී උසස් අධිබල ලේසර් තාක්ෂණය භාවිතා කරමින් වකුගඩුව තුළ හටගෙන තිබූ ගලක් ඉවත්කර ඇති බව පැවසේ.

මේ පිළිබඳව කොළඹ මාධ්‍යයක් විසින් පුවත හෙළිකර ඇති අතර, මෙලෙස සිදුකළ ශල්‍යකර්මය ශ්‍රී ලංකා වෛද්‍ය ඉතිහාසයේ පළමු අධිබල ලේසර් තාක්ෂණ ශල්‍යකර්මය ලෙස කියවේ.

වෛද්‍ය කලන පරණ පල්ලියගුරුගේ ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් මෙම ශල්‍යකර්මය සිදු කර ඇත. වකුගඩුවේ සෙ.මී. 4 ක් පමණ දිගැති ගලක් ඇති 52 හැවිරිදි රෝගියෙකුට මෙම ශල්‍යකර්මය සිදුකර ඇත. වොට් 140ක අධිබල ලේසර් කිරණ මගින් එම ගල බිඳදමා, එය මුත්‍රා මාර්ගය ඔස්සේ ඉවත් කිරීමට කටයුතු කර ඇත.

මෙම පුද්ගලයා මීට පෙරද සෙ.මී. 8 ක ගලක් වකුගඩුවේ හටගෙන මීට වසර 7කට පෙර සැත්කමකින් එය ඉවත් කර ඇති අයෙකි. දෙවන වරටත් ඔහුගේ වකුගඩු ගල ඉවත් කිරීමට සිදු ව ඇති අතර එය මෙම ශල්‍යකර්ම ක්‍රමයට සිදු කර ඇත.

එමෙන්ම මෙම රෝගියා දින 4කට පසු සම්පූර්ණ සුවය ලබා සුව අතට පත්වනු ඇතිබව එම වෛද්‍ය කණ්ඩායම බලාපොරොත්තුවන බව එම පුවතේ සඳහන් වේ.

Exit mobile version