පත්තර වාර්තාකරුවන් විසින් ‘යෝක්ෂයර් රිපර් – Yorkshire Ripper’ යන නමින් ලියන ලද උතුරු එංගලන්ත ජනවැසියන්ව භීතියට පත් කළ මිනීමරුවා කොරෝනා රෝගයෙන් මිය ගොස් ඇත.
එංගලන්ත පුවත්පත් වාර්තාවල යෝක්ෂයර් රිපර් යනුවෙන් හඳුන්වනු ලැබු පීටර් විලියම් සට්ක්ලිෆ් (Peter Sutcliffe) 1975 සිට 1980 දක්වා වූ කාලවකවානු තුල කාන්තාවන් 13 දෙනෙකු පමණ අමානුෂික ලෙස ඝාතනය කර ඇත.
මොහුගේ මිනීමරු පිපාසයෙන් කාන්තාවන් 7 දෙනෙකු දිවි ගලවා ගත් අතර, ඇතැමුන් බරපතල තුවාල ලැබූහ.
මෙම සිද්ධීන් සම්බන්ධයෙන් පොලීසිය විසින් කරනු ලැබු මෙහෙයුම් මාලාවකින් පසුව 1981 වර්ෂයේදී සට්ක්ලිෆ් අත්අඩංගුවට ගනු ලැබීය. පසුව චෝදනා ඔප්පු කිරීමෙන් අනතුරුව ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.
මේ වන විට වයස අවුරුදු 74ක් වන පීටර් විලියම් සට්ක්ලිෆ් කොරෝනා වෛරසයෙන් පීඩාවට පත් වී මිය ගොස් ඇති බව බලධාරීන්හු ප්‍රකාශ කර ඇත.