Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොලී රහිත බැංකුව සඳහා 7වන වරටත් ‘ගෝලීය මූල්‍ය සම්මානය’ අමානා බැංකුවට

පොලී රහිත බැංකුව සඳහා 7වන වරටත් 'ගෝලීය මූල්‍ය සම්මානය' අමානා බැංකුවට

පොලී රහිත බැංකුව සඳහා 7වන වරටත් 'ගෝලීය මූල්‍ය සම්මානය' අමානා බැංකුවට

ජාත්‍යන්තරව පිළිගත් සඟරාවක් වන ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව විසින් 2020 වසර සඳහා පොලී නොවන මූල්‍ය සේවා සැපයුම්කරුවන් අතුරෙන් අමානා බැංකුව සම්මානයෙන් පිදුම් ලැබීය.

මෙලෙස ශ්‍රී ලංකාවේ හොඳම ඉස්ලාමීය මූල්‍ය සේවා සැපයුම්කරු ලෙස අමානා බැංකුව තෝරා ගන්නා ලදී. අමානා බැංකුවට මෙම ජාත්‍යන්තර සම්මානය අඛණ්ඩව 7 වන වරටත් හිමි වී ඇත.

මෙමඟින් පොලී රහිත මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තවදුරටත් තහවුරු කර ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් ඩී.සී. හි 18 වන වාර්ෂික ලෝක බැංකු සම්මාන උළෙලේදී ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව විසින් අමානා බැංකුව මීට පෙර හොඳම නැගී එන ඉස්ලාමීය බැංකුව ලෙස ද තෝරාගෙන තිබුණි.

මෙම සම්මානය පිළිබඳව අදහස් දක්වමින් අමානා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා මෙසේ පැවසීය. “අඛණ්ඩව 7 වන වරටත් මෙම කීර්තිමත් සම්මානය ලැබීම බැංකුවට ඉමහත් ගෞරවයක්. වර්ධනය හා ජීවිතය පෝෂණය කිරීමේ ගමනේදී, අප සමඟ අඛණ්ඩව අත්වැල් බැඳගත් විවිධ පාර්ශවයන්ට මම ස්තූතිවන්ත වෙමි. බැංකුවේ අද්විතීය බැංකු ක්‍රමය තුළින් අපට මෙම ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු ලෙස අඛණ්ඩව ඉදිරියට යාමට හැකි වී තිබෙනවා.”

Amana Bank PLC ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කරන ලද, කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කළ වෙනම සමාගමකි. ජිද්දාහි මූලස්ථානය පදනම් කරගත් ඉස්ලාමීය සංවර්ධන බැංකුව (ISDB) සමූහය ප්‍රධාන කොටස් හිමියන් ලෙස අමානා බැංකුවේ 29.97% ක කොටස් ප්‍රමාණයක් දරයි.

ISDB සමූහය යනු රටවල් 57 ක සාමාජිකත්වය සහිත AAA ශ්‍රේණිගත බහුකාර්ය සංවර්ධන මූල්‍ය සේවා සැපයුම්කරුවෙකි. අමානා බැංකුවට කිසිදු උප සමාගමක් හෝ සම්බන්ධිත සමාගම් නොමැත. එහි සුවිශේෂී සමාජ වගකීම් වැඩසටහන වන අනාථ සත්කාර භාර අරමුදල (Orphan Care Trust) පමණක් පවත්වාගෙන යනු ලබයි.
-meelparvai

Exit mobile version