Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කෝවිඩ් සුව වුවත් 20% මානසික රෝග වැළඳීමේ සම්භාවිතයක් – විදේශීය මනෝවිද්‍යාඥයින්

කෝවිඩ් සුව වුවත් 20% මානසික රෝග වැළඳීමේ සම්භාවිතයක් - විදේශීය මනෝවිද්‍යාඥයින්

කෝවිඩ් සුව වුවත් 20% මානසික රෝග වැළඳීමේ සම්භාවිතයක් - විදේශීය මනෝවිද්‍යාඥයින්

කොරෝනා ආසාදනය වී සුව වූ පිරිස අතර 5දෙනෙකුගෙන් 1 අයෙකුට මානසික රෝග ඇතිවීමේ අවස්ථාව බහුල බව විදේශීය මනෝවිද්‍යාඥයින් පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් දීර්ඝ අධ්‍යනයක් සිදු කිරීමෙන් පසු ඔවුන් පවසන්නේ වෛරසය ආසාදිතයින් අතරින් 20% පමණ මානසික රෝගවලට ගොදුරු වීමේ ස්වභාවයක් පෙන්නුම් කර ඇති බවයි.

කාංසාව, මානසික අවපීඩනය සහ නින්ද නොයෑම කොරෝනා ආසාදිතයින් අතර බහුලව දක්නට ඇති බවත් මොළයේ දුර්වලතා නිසා ඇති වන ඩිමෙන්ෂියා රෝගී තත්වය ද මේ හේතුවෙන් ඇති වන බව විදෙස් පර්යේෂකයින් පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ සම්බන්ධ දිර්ඝ අධ්‍යනයක නිර වූ ඔක්ස්ෆෝඩ් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය පෝල් හැරිසන් මහතා පවසන්නේ බහුතරයක් මේ සම්බන්ධයෙන් සිතා කනස්සල්ලට පත් වී ඇති අතර කෝවිඩ් 19 සදහාම මේ වන තුරු තිරසාර විසඳුමක් නැති අතරේ මේ හේතුවෙන් හට ගන්නා මානසිත රෝග සඳහා ද වෛද්‍යවරු ප්‍රතිකාර සඳහා වහා සූදානම් විය යුතු බවයි.

මානසික රෝග
Exit mobile version