Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සෞදියේ අතරමං වූ 150ක් පැය 48ක් ඇතුළත ගෙන්වන්න ජනපති නියෝග දෙයි

රටපුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් යළි විශේෂ ආඥාවක් - කතානායක පාර්ලිමේන්තුවට දන්වයි

රටපුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් යළි විශේෂ ආඥාවක් - කතානායක පාර්ලිමේන්තුවට දන්වයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් සෞදි අරාබියේ ආරක්ෂිත නිවාස 150ක පමණ අතරමංවී සිටිනු ලබන ශ්‍රී ලාංකිකයින් ඉදිරි පැය 48 ඇතුලත මෙරටට යළි ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සුදානම් කරන බවත් ඒ සඳහා හැකි ඉක්මනින් ගුවන් යානා දෙකක් එරටට පිටත් කර යැවීමට පියවර ගන්නා බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති රැස්වීමකදීය. එම රැස්වීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු සෞඛ්‍ය සේවයේ ප්‍රධානින් රැසක් එක්ව සිටියහ.

ත්‍රිවිධ හමුදාව විසින් කළමනාකරණය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන සහ හෝටල් ඇතුළු ස්ථාන 72 ක මෙතෙක් සිදු කර ඇති නිරෝධායන ක්‍රියාපටිපාටිය අනුව එහි නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් ඉදිරි දින 02 ක තුලදී නැවත සිය නිවෙස් කරා පිටත්ව යාමට නියමිතයි.

ඒ අනුව මෙම නිරෝධායන මධ්‍යස්ථාන තුළට විදේශ රටවල සිට මෙරටට ගෙන්වනු ලබන ශ්‍රමිකයින් සඳහා පහසුවෙන් භාවිතා කළ හැකි බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.

Exit mobile version