Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොවිඩ් පාලනයට රුපියල් මිලියන 1,100ක (USD මිලියන හයක) ආධාරයක් – මයික් පොම්පියෝ

කොවිඩ් පාලනයට රුපියල් මිලියන 1,100ක (ඇමෙරිකානු ඩොලර් මිලියන හයක) ආධාරයක් - රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ

කොවිඩ් පාලනයට රුපියල් මිලියන 1,100ක (ඇමෙරිකානු ඩොලර් මිලියන හයක) ආධාරයක් - රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ

කොවිඩ් 19 වසංගතයේ ව්‍යාප්තිය පාලනය සඳහා ශ්‍රී ලංකා රජය ගෙනයන වැඩසටහන් වෙනුවෙන් රුපියල් මිලියන 1,100ක (ඇමෙරිකානු ඩොලර් මිලියන හයක) ආධාරයක් ශ්‍රී ලංකාවට ලබාදී තිබෙන බව අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අවධාරණය කරයි.

ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර තිබෙන මිත්‍රශීලීත්වය හේතුවෙන් මේ ආධාරය ලබාදී තිබෙන බව පවසන ඒ මහතා එය ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන කොවිඩ් වසංගතයට එරෙහි වැඩසටහන් වෙනුවෙන් විශාල ශක්තියක් වන බවද කියාසිටී. නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා මේ බව සදහන් කළේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ඊයේ (28) පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි. විදේශ අමාත්‍යාංශය වෙත පැමිණි රාජ්‍ය ලේකම්වරයා විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම මාධ්‍ය හමුවට සහභාගි විය.

Exit mobile version