Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකා-චීන සබඳතාවලට ඇමරිකාව මැදිහත් වෙනවා – චීන තානාපති කාර්යාලය චෝදනා කරයි

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිවහුගතකරණයට අදාළව චීනය සිය සහතිකය IMF වෙතට

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිවහුගතකරණයට අදාළව චීනය සිය සහතිකය IMF වෙතට

ශ්‍රී ලංකා-චීන සබඳතාවලට එක්සත් ජනපදය මැදිහත් වන බවට, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය චෝදනා කර තිබේ. ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්ගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ මාධ්‍ය හමුවකදී එක්සත් ජනපද නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් ඩීන් තොම්සන් ශ්‍රී ලංකා-චීන සබඳතාවලට විවෘතව මැදිහත් වූ බවත්, ශ්‍රී ලංකාවේ තම විදේශ ප්‍රතිපත්තියේ අවශ්‍ය වෙනස්කම් කළ යුතු බවත් ඔහු ඉල්ලා ඇති බවත්, චීන තානාපති කාර්යාලය පවසා ඇත.

චීන තානාපති කාර්යාලය තවදුරටත් පැවසුවේ තොම්සන්ගේ ප්‍රකාශය රාජ්‍ය තාන්ත්‍රික ආචාර ධර්ම උල්ලංඝනය කිරීමක් බවයි. ඇමරිකාවේ නිලධාරියාගේ ප්‍රකාශය සීතල යුද සමයේ මනෝභාවය පෙන්නුම් කරන බවත් ඊට පසු දවසේ චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පැවසූ බවත් චීන තානාපති කාර්යාලය පවසයි.

එමෙන්ම ශ්‍රී ලංකාව සහ චීන ජනතාව අතර මිත්‍රත්වය වසර දෙදහසකට වඩා පැරණි බවත් දෙරටේ ජනතාව එකිනෙකා සමඟ ගනුදෙනු කිරීමට දැනුමක් ඇති බවත් මේ නිසා තුන්වන පාර්ශවයට මේ පිළිබඳව උපදෙස් දිය යුතු නැති බවත්ය.

1950 දී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීමට පෙර අප එක්සත් ජනපදයේ බාධක බිඳ දමා ශ්‍රී ලංකාව සමඟ රබර් සහල් ගිවිසුමට අත්සන් කළ බවත් 21 වන සියවසේ දී දෙරට කිසිදු බාහිර බලවේගයක බලපෑමකට යටත් වීමේ අවස්ථා නොමැති බවත් සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ අවංක මිතුරකු ලෙස ශ්‍රී ලංකාව වෙනත් රටවල් සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීම පිළිබඳව චීනය සතුටට පත්වන බව තානාපති කාර්යාලය පැවසීය. කෙසේ වෙතත්, චීන තානාපති කාර්යාලය කියා සිටියේ එක්සත් ජනපද රාජ්‍ය ලේකම්ගේ සංචාරය භාවිතා කර චීන-ශ්‍රී ලංකා සබඳතා වලට එක්සත් ජනපදය මැදිහත්වීම සහ ශ්‍රී ලංකාව බිය ගන්වා බලපෑම් කිරීම දැඩි ලෙස විරුද්ධ බවයි.

– thinakkural.lk

Exit mobile version